කුඩු සල්ලි ,කළු සල්ලි, මංකොල්ල,බස් කප්පම් , මිගමුව දැන් චිකාගෝවක් ???

0
55

159-The_West_Coast___Negombo-154590-Main_banner-TWC-Negomboජනපති ගෝඨාභය රටතුල සාමය හා ක්‍රමවවත් බව ස්ථාපිත කිරිමට පොරොන්දු දි තිබුණි. රටපුරා විනය විරෝධි සංස්කෘතියක් ක්‍රියාත්මක වෙමින් පවතිද්දි ජනපතිට ඒ ඇතැම් ස්ථානවලටම ගොස් ඒවාට අභියෝග කරන්නට පටන් ගත්තේය.
ආයතනවලට ගොස් කඩාපැන්න ජනපති ගෝඨබය නගර වලටත් කඩා පැන සිය පාලනය ගැන ඒ නගරවල දේශපාලකයන්ට පාඩම් කියා දිය යුතු කාලය දැන් එළඹ තිබේ.
මිගමුව පුංචි රෝමය යැයි කිතුණුවන් උදම් ඇනුවද දැන් එය සැබැවින්ම මැරයන්ගේ පාතලයන්ගේ මංකොල්ල කරුවන්ගේ මෙන්ම කප්පම්කරුවන්ගේ පරාදිසයක් බවට පත්ව තිබේ.
සැබැවින්ම දැන් එය පුංචි චිකාගෝවක් වැනිය.
ඊයේ දෙරණ නාලිකාවේ උකුස්සා විසින් හෙළිකරන්නට යෙදුන බස්කප්පම් සිදුවිම පිටුපස සිටින දිවුලපිටිය පොහොට්ටු මන්ත්‍රි යනු නිමල් ලංසාගේ ප්‍රබලතම අධාරකරුවෙකි.
දිවුලපිටිය ප්‍රදේශයේ නිමල් ලංසා වෙනුවෙන් මැතිවරණ සටන සහය දුන් එකම ප්‍රාදේශිය දේශපාලකයාද වෙයි.
මහනගර සභාව විසින් පාලනය කරනු ලබන බස්නැවතුම් පළක් තුල නිමල් ලංසාගේම ආධාරකරුවෙකුටම කප්පම් චෝදනා එල්ල වන්නේ නම් ඉන් කියැවෙන්නේ කුමක්ද ?
මිගමුව මහනගර සභාව කප්පම් අල්ලස් දුෂණ දැන් බස් නැවැතුම දක්වාම පැතිර ගොස් ඇති බව නොවේද ?
රටේ නිතිය යළි ස්ථාපිත කිරිමට ගෝඨා වැන්නෙකු පැමිණිය යුතු යැයි කියා ඔහුට ඡන්දය දුන් සැමට දැන් පැවරි ඇති වගකිම නම් මිගමුව මේ කප්පම් දේශපාලනයෙන් බේරාගැනිමට පෙරට පැමිණිමයි.
පසුගිය සතියේ කතිකාව වි තිබුනේ මිගමුව මහනගර සභාවේ කම්කරුවෙකුගේ ගිණුමේ රු කෝටි 31 තිබිම ගැනය. ඔහු නගරාධිපති දයාන් ගේ මැර කණ්ඩායමේ සමාජිකයෙකුද සිටිමින් මාධ්‍යවේදියෙකුටද මහදවල් මහනගර සභා භුමිය තුල පහරදුන් මැරයෙකි.දයාන් ලංසාගේ පවුලේ සාදයකටද මේ මැරයා සහභාගිව තිබුනේ අත්අඩංගුවට ගැනිමට දින 2 කකට පෙරය.
මේ කළු සල්ලිවලින් පල්ලිවලට ලැගුම් ගෙවල් වලට සල්ලි ගන්න ස්වාමිලා සැබැවින්ම ලැජ්ජාවිය යුතුය. එහෙත් දෙවියන්ට වඩා ඒ අයට කලු සල්ලි ලොකු බවත් මේ මැර දේශපාලකයන් ඉඹලා පිළිගන්නට තරම් සැදි පැහැදි සිටින අයුරුත් අපි නිරන්තරයෙන්ම අත්දකිමින් සිටින්නෙමු.
පල්ලියටවත් පන්සලටවත් මිගමුවේ ජඩකම් නවතාලිමට නොහැකිය.විපක්ෂයටද කොන්ද පණ නැතුවා පමණක් නොව සැබැවින් ඒ බහුතරයක් ලංසා පවුලේ වහලුන්ය.
මිගමුවේ සිවිල් සමාජයද මීක් නැත.
එබැවින්ම මිගමුව දෙවියන්ගේම පිහිටය