කුණු අදින එකත් නගරාධිපති දයාන් ලංසාගේ සංකල්පයක්ලු ?

0
182

පෙරියමුල්ල කුණුමම දවසක් පෙරියමුල්ල පැත්තේ ගෙදරක ඉන්නකොට ලව්ඩ්ස්පිකර් එකකින් මොනවද කියා ගෙන යනවා.
ටිකක් කන් දුන්නා.
පොජමාල අම්මා මිගමුවේ කුණු අදින එකත් නගරාධිපති දයාන් ලංසාගේ සංකල්පයක්ලු.
අම්මපා ඇත්තට මට හිතුනේ මේ ලොක් ඩවුන් කාලේ මේ මනුස්සගේ මොලේ අමාරුවක්වත් හැදිලද කියල.
කුණු කවදත් ඇද්ද ?
මොන සංකල්පද ?
කුණු තියෙනවා නම් කම්කරුවෝ ඉන්නවා නම් කුණු දාන්න තැනක් තියෙනවා නම් එච්චරයි.
ඕකට අලුත් සංකල්ප කියල ප්‍රචාරයක් දෙන්න තරමට නගරාධිපති කෙනෙක් වැටෙනව කියන එකෙන්ම තේරෙනවා මේ මනුස්සට කොයි තරම් හිනමානයක්ද තියෙන්නේ කියල.
ස්ටැනිස් ලාවුස්
පිටිපන