කුණු එකතුකරන තරමට කුණු අදින්නේ නැති සීදුව නගර සභාව ???

0
583

මේ දිනවල දිවයින පුරා ව්‍යාප්ත වන ඩෙංගු වසංගතය මැඩලීම අරමුණු කරගෙන තම බල ප්‍රදේශය පිරිසිදු කිරීමේ වැඩපිලිවෙලක් කටුනායක සීදුව නගර සභාව විසින් ක්‍රියාත්මක කරමින් පවතී.
ඒ අනුව ප්‍රදේශයේ ජලය බැස යන කාණු සුද්ද පවිත්‍ර කිරීම වැනි දේ සිදුවෙමින් පවතී. නමුත් මෙලෙස සුද්ද පවිත්‍ර කරන කාණු වල අවහිරව තිබූ පස් හා වෙනත් කොලරොඩු වැනි ද්‍රව්‍ය එම කාර්‍යය කරන පිරිස් විසින් කාණු අසලම ගොඩගසන අතර එලෙස ගොඩගැසේන අපද්‍රව්‍ය එම ස්ථානවලින් ඉවත් කිරීම කාලයක් තිස්සේ නිසි පරිදි සිදු නොවන බව ප්‍රදේශවාසීන්ගේ මතයයි.

කාණු සුද්ද කිරීමෙන් පසු ඉවත් කරන පස් හා අනෙකුත් ද්‍රව්‍යයන් ටික දිනකින් නැවතත් එම කාණුව තුලටම යන තුරු නගර සභාවෙන් ඒවා ඉවත් කිරීමක් සිදුවන්නේම නැත. වැස්සක් ඇද හැලුනවිට මේ ක්‍රියාව වඩාත් ඉක්මනින් සිදුවී නැවතත් කාණු අවහිර වීම සිදුවේ. නගර සභාවේ මේ කාර්‍ය පැහැර හැරීම හා අකාර්‍යක්ෂමතාවය නිසා ඇත්තන්ම කාණු සුද්ද කිරීමේ නිසි ප්‍රතිඵල ලබා ගැනීමට හැකිවන්නේ නැත.

image-0-02-01-b97f0da2f140115e44a8339fcfae67c3dc1d914922d52348fa0d94760d039625-V

image-0-02-01-2233cee0bc5c42a783d1ff485e3aaf4bde3a67fd5977362cb0a1bd132d2ded2d-V

image-0-02-01-a222ff77e1e49ae690a13175cd0a5a5ea385b3fb2c406d43ed2d5a0c6d563e31-V

 

Save