කුණු කන්ද නිසා ගඳ ගහන කොච්චිකඩේට තවත් කුණු කසල අංගනයක්?? ?

0
148

බලය ලබාගැනිම මිගමුවේ දේශපාලන පක්ෂ කියා සිටියේ මිගමුව කොච්චිකඩේ කුණු කන්ද නිසා ජනතාව විදින පිඩාවට කඩිනමින් පිළියම් යොදන බවය.
එහෙත් කිසිදාක ඒ පිළියම යෙදුනේ නැත.

කොච්චිකඩේ පෝරකේ වත්තේ හදන මේ බිල්ඩිම මොකටද ?

දැන් හොර රහසේම කොච්චිකඩේ පෝරේක වත්ත සිදුකරමින් ඇති ඉදිකිරිම කුමක් සදහා ද යන්න තවමත් පැහැදිලි නැත.
ප්‍රදේශවාසින් කියන්නේ පොලිතින් එකතු කරන තැනක් ගැන කථාවක් බවද වාර්තා වේ.
එහෙත් ඒ ගැන අඩුම තරමින් අදාල කොට්ටාශයේ නාගරික මන්ත්‍රිවරයාවත් නොදන්නා බව අප කළ විමසුමකදි පැහැදිලි විය.
මේ අතර කුටිටිදුව ගමට කසල අංගනයක් ගැන ව්‍යාපෘතියක් පිළිබද කරුණේදි මුලින් ජනතාව කියා තිබුනේ පොලිතින් ගැන කථාවකි.
ඒ අනුව මේ කොච්චිකඩේ ඉදිකිරිමද කුණු කසල අංගනයකටද යන සැකය මතුව තිබේ.

නාගරික කොමසාරිස්තුමිය කියන්නේ ඇත්තද ?

කෙසේ වෙතත් මේ පිළිබදව නාගරික කොමසාරිස්වරියගෙන් ප්‍රදේශයේ නාගරික මන්ත්‍රිවරයා මේ හදන ගොඩනැගිල්ල ගැන විමසා සිටි අවස්ථාවේදි ඇය පවසා ඇත්තේ නගර සබාවේ වාහන සදහා වාහන අංගනයකට තැනිමට සහ තවත් කාරණා සදහා මේ ඉදිකිරිම සිදුකරමින් සිටින බව වැනි පිළිතුරක්ය.
ඇගේ ප්‍රකාශය තුලින් කියැවෙන්නේ හදන බිල්ඩිම යොදවා ගනු ලබන්නේ කුමකටද යන්න ගැන ගැන ඇයටද තවමත් නිශ්චිතවම නැති බවකි

කොච්චිකඩේට තවත් කුණු ගදක් ද ? මැස්සෝ වහන තැනක් ද ?

මිගමුවේ කොච්චිකඩේ සිමාවට පමණක් නොව කටානට මායිම් ඇති ස්ථානයක ඉදිකරනු ලබන ඉදිකිරිම කුට්ටිදුවේ කුණු කසල අංගනය සදහාද යන සැකය තවමත් බැහැර කළ නොහැකිව ඇත්තේ මහනගර සභාව දැනටමත් විදේශිය ආයතනයක ආධාර ලබාගෙන කරන්නට යන කුණු කසල බැහැර කිිරිමේ වඩසටහන මිගමුවේ කොතැකින් කඩිනමින් මතුව හැකිව තිබෙන බැවිනි.

කොච්චිකඩේ කුණු කන්ද


කොච්චිකඩේ කුුණු කන්දට අදාලව කිසිදු විධිමත් වැඩපිළිවෙලක් ගෙනඒම නොහැකි වි ඇති පාලකයන් මේ තවත් කුණු කසල බැහැර කරන තැනක් හදන්නේ නම් නම් එය පරිසරයට ඇති ආදරය නිසා හෝ කුණු කසල බැහැර කිරිම විධිමත් කිරිම සදහා නම් නොවන බව තේරුම්ගැනිමට මේ පාලකයන්ගේ පැටිකිරිය ගැන දන්නා ඕනෑම කෙනෙකුට තේරුම් ගැනිම වඩාත් පහසු වනු ඇත.


දේශපාලකයන්ගේ ගාණට වැටුන මිගමුවේ පරිපාලන නිළධාරින්


විදේස ආධාර මෙන්ම මහනගර සභාවේ මුදල්ද යොදවා කරනු ලබන ඉදිකිරිම නගරාධිපතිවරයාගේ ගජ මිතුරන්ට කොන්ත්‍රාත් වාසියත් දේශාපලන අධිකාරියට අදාල කොමිස් මුදලත් නිසාවෙන් බව ජනතාව දැනටමත් තේරුම් ගෙන සිටිති.

දේශපාලකයන් යනු ඌරු කටක් සහ බූරු පිටක් ඇතිවුන් බව අමුතුවෙන් කිව යුතු නොවේ.
එහෙත් රාජ්‍ය පරිපාලනයට වගකිව යුතු කොමාසරිස්වරිය ඇතුලු අනෙකුත් නිළධාරින්ද දේශපාලකයන්ගේ ගානට වැටෙන්නේ නම් තත්වය බරපතලය.
අද මිගමුවට සිදුව ඇත්තේ එයයි