කුණු කානුවක් පාරට

0
192

කටාන ප්‍රාද්ශීය  ලේකම්  කොට්ඨාශයට අයිති අක්කර පනහ  ප්‍රෙද්ශයේ  අනෝමා වත්ත පාර  ඉදිරිපිටින් ප්‍රධාන පාරට කුණු කාණුවක කුණු වතුර ගලා එන බව ප්‍රෙද්ශවාසීන් වාර්තා කරති. මෙම කාණුව පාරට  ගැලීමට හේතුව වන්නේ ඒ අසල ඇති ව්‍යාපාරිකයෙකුගේ බර වාහන ගමන් කිරිම නිසා ඒ අසල ඇති බෝක්කුව අබලන්වීම හේතුකොට මෙම තත්ත්වය ඇතිවී ඇති බවයි. මේ පිලිබදව පළාත් මාර්ග සංවර්ධන අධිකාරියට දැනුම් දුන්විට එහි නිලධාරියෙකු ප්‍රකාශ කර සිටියේ මේ වනතෙක් මේ පිළිබද කිසිවෙකු දැනුම්දී නොමැති බවයි. ඉතා ඉක්මණින් මේ පිළිබදව සොයා බලන බවද එම නිලධාරීයා පවසන ලදී. කටාන මහජන සෙුඛ්‍ය පරීක්ෂක  නිලධාරී කාර්යාලයෙන්ද දැනුම් දි ඇත්තේ මේ පිළිබදව ලිඛිතව දැනුම් දෙන ලෙසයි.


ජායා – නිෂාන්ත වීරසිංහ