එහෙත් එය ඉක්මනින් මැඩපැවැත්විමට අදාල බලධාරින්ට නොහැකි වු නිසා එකි ගින්න ප්‍රදේශය පුරා දැවැන්ත දුමාරයක් මුදාහැර තිබුන අතර ඉන් මුළු පළාතම වැසි ගොස් තිබුණි.
මෙම දුම නිසා ඒ ප්‍රදේශයේ වැසියන් මහත් අපහසුවකට පත්ව තිබුණ අතර විශේෂයෙන්ම ඇදුම වැනි රෝග වලින් පෙළන අයට එය මරාන්තික වි තිබුනේ විෂ සහිත දුම ඔවුන්ට විවිධ ආසත්මිකතා ඇති කර තිබු බැවිනි.
කෙසේ වෙතත් දැනට වාර්ථා වන අන්දමට අවට ප්‍රදේශවාසින් කිපදෙනෙකුම රෝගිව ඇති අතර වයෝවෘද්ධ මවක් මේ හේතුව නිසා මිය ගොස් ඇත.
ඇය පදිංචිව සිටි කණු වල ආසන්නයේ වු නිවස දුමෙන් පිරියැමෙන් පසු ඇය ස්වසන ආබාධයකට ගොදුරුව ඇත.පසුව වහා ක්‍රියාත්මක වු ඇගේ දරුවන් ඇය වෛද්‍යවරයෙකු හමුවට ගෙනගොස් ඇති අතර වෛද්‍යවරයා පවසා තිබුනේ දුම නිසා ඇගේ ඇදුම තත්වය උත්සන්නව ඇති බවය.
කෙසේ වෙතත් ඇයගේ ජිවිතය බේරාගැනිමට නොහැකි විය.
මේ සම්බන්ධයෙන් ඇගේ දරුවන් පවසා සිටින්නේ කුණු වලේ ගින්නේ දුම තමන්ගේ ආදරණිය මව බිළිගත් බවය.
මෙවන් ජනාකිර්ණ පෙදෙසක් මෙසේ කුණු කසල මුදාහැරිම සදහා යොදා ගැනිම කෙතරම් සුදුසුදැයි යළිත් වරක් සිතා බැලිමට මෙය නගරයේ පාලන බලාධිකාරය වෙත නැවතත් කරන මතක් කිරිමක් ලෙසින් මෙය ප්‍රදේශවාසින් අවධානය යොමු කර සිටිති.