කුදිප්පාඩුවෙන් මාළු තොග මීගමුවට !පුච්චකන්නි රු 130යි !කුම්බලාව රු 140යි !

0
310

(6.45 am)මීගමුව පිටිපන ලෙල්ලමට මාළු තොග ලැබෙන එක ප්‍රධාන ප්‍රදේශයක් වන කුද්ප්පාඩුවෙන් අදත් මාදැල් ,සහ දැල් මාළු තොග ලැබි ඇතැයි වාර්තා වේ.
මේ නිසා තවදුරටත් පුච්චකන්නි සහ කුම්බලාව බහුල ලෙසින් පිටිපන ලෙල්ලම තුල දකින්නට ලැබේ.
මේ අනුව පුච්චකන්නි කිලොවක් රු 130කටද කුම්බලාවා කිලොවක් රු 140 කටද අද දිනයේ අලෙවි වේ.
සෙසු මත්‍යස්‍ය සැපයුම්වල යම් අඩුවක් ඇතැයි පිටිපන ලෙල්ලමේ ප්‍රධාන ව්‍යාපාරිකයෙකු වන සංගිත් මහතා මිපුරට පවසා සිටි.
මේ අනුව අනෙකුත් මත්‍යස්‍ය වර්ගවල කිලෝවක මිළ පහත දැක්වෙන ලෙසින් තින්දු වි තිබේ.
බලයා රු 250යි .ලින්නා රු 240යි.හුරුල්ලා රු 240යි.සාලයා රු 160යි.ලේනපරව් රු250යි.මිමැටි කුඩා රු 300 යි ලොකු රු 450යි .කෙලවල්ලා රු 600යි .පරව් කුඩා රු 400යි .ලොකු පරව් රු 550යි.හබරලි රු 300යි.ඉස්සා කුඩා රු 500යි .ලොකු ඉස්සා රු 1200යි.