කුමන්ත්‍රණ ආණ්ඩුවට එරෙහිව පැරිසියේත් විරෝධතා !

0
99

45437270_2036498329773849_4401452072277377024_nඑදා යහපාලන රජයක් වෙනුවෙන් “සාධාරණ මැතිවරණයක්” ඉල්ලමින් උද්ඝෝෂණය කල ප්‍රථම විදේශගත ශ්‍රී ලාංකික එකතුව වූ පැරිසියේ වාසය කරන ශ්‍රී ලාංකිකයින් මෙදා තමන්ගේ මහන්සියෙන් පත්කළ රජයේ ජනාධිපතිගේ අත්තනෝමතික, නීති විරෝධී, ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවට විරුද්ධව ප්‍රංශයේ, පැරිස් නුවර, ශ්‍රී ලාංකික නගරය ලෙස හඳුන්වනු ලබන “ලා චැපල්” හි දී “ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය” ඉල්ලා උද්ඝෝෂණය කළේය.

දීර්ඝ නිවාඩු කාලයක් වූවද විශාල ජන සහභාගීත්වයක්, බලෙන් රාජ්‍ය බලය අත්පත් කරගත් රාජපක්ෂ රෙජීමයට විරුද්ධව මෙම උද්ඝෝෂණයට සහභාගී විය.

දේශපාලන පක්ෂ, පාට අමතක කොට සිංහල, දෙමළ සහ මුස්ලිම් ශ්‍රී ලාංකිකයින් මෙයට සහභාගී වීම කැපී පෙනුණ සිද්ධියකි. එහිදී අත්සන් කල සංදේශය ප්‍රංශ රජයට සහ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් කාර්යාලයටත් ඉදිරිපත් කිරීමට තීරණය කල අතර , ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය නැවත ස්ථාපනය කිරීමට ජාත්‍යන්තර ප්‍රජාවේ සහයෝගය ලබා ගැනීම මෙම උද්ඝෝෂණයේ මූලික අරමුණ විය.

ඡායාරූප – චමින්ද රාමනායක, රෙක්ස් හෙට්ටිආරච්චි