කුරණට ඩෙංගු බෝකලා යැයි කියන සුපිරි හෝටලය ඩෙංගු රෝගින්ට වන්දි ගෙවයිද ?

0
31

dengu protest 8.JPGරටට වසංගන්නට හැදුවද මීගමුව තුල ආන්දෝලනාත්මක තත්වයක් නිර්මාණය කර ඇති කුරණ සුපිරි හෝටලයේ ඩෙංගු පිළිබද ප්‍රශ්ණය මීගමුවේ සියළුම බලධාරින්ගේ කඩිනම් අවධානයක් යොමුවිය යුතුව තිබේ.
පරිපාලන අධිකාරිය මෙන්ම දේශපාලන අධිකාරියද මේ තිරාණාත්මක මොහොතේදි කොන්දේසි විරහිතව මීගමුව තුලත් විශේෂයෙන්ම කුරණ තුලත් ඩෙංගු පාලනය කිරිමට සහ ඉන් විපතට පත්වෙමින් ඇති සියළු කොටස් වෙත අවැසි සහන සැලසිමටත් පියවර ගත යුතුව තිබේ.
මේ අතර කුරණ සුපිරි හෝටලයේ එක් ප්‍රකාශිත හිමිකරුවෙකු ඊයේ  සවස තම හෝටලය ආසන්නයේම ඩෙංගු වැලදි සිටින පවුලක සාමාජිකයෙකු හට කියා තිබුනේ උදව්වක් අවැසි නම් තමන්ට එය කළ හැකිය බවය.
එහෙත් අදාල පුද්ගලයා එකි හිමිකරුගෙන් විමසා ඇත්තේ මොන විදියේ උදව්වක් කරන්නට හෝටලය බලාපොරොත්තු වන්නේදැයි කියාය.
හිමිකරුගේ පිළිතුරු වි තිබුනේ සිනි තේකොල වැනි දෑ වලින් උදව් කල හැකි බවය.
එය ප්‍රතික්ෂේප කරමින් රෝගි තත්වය නිසා විපතට පත් පවුලේ අය කියා සිටියේ හෝටලය නිසා ඩෙංගු වැළදුනත් සීනි තේකොළ ටිකක ගන්නට බැරි තරම් අහේනියකට තමන් පත්ව ඇති නිසා එවැනි උදව්වක් එපා කියාය.
මේ අතර පසුගිය දිනක මේ හෝටලය ඉදිරිපිට විරෝධතාවය දැක්වු ගම්වාසින් මේ හෝටලයේ හිමිකරුවන්ට බල කර සිටියේ ඩෙංගු නිසා විපතට පත් පවුල් වලට වන්දි ගෙවිය යුතු බවය.