කුරණට ඩෙංගු බෝකළ සුපිරි හෝටලයට නඩු නැත්තේ හෝටලය නිමල් ලංසාගේ නිසාද ??

0
74

dengu protest 8.JPG(දෙවන සංස්කරණය )කුරණ පිහිටි සුපිරි හෝටල් භූමිය ඩෙංගු බෝකරන තැනක් ලෙසින් මීගමුවේ සෞඛ්‍ය බලධාරින්ගේද අවධානයට යොමුවිමත් ගම්වාසින් විසින් නොකඩවාම විරෝධතා මතු කිරිමත් නිසා හෝටල් හිමිකරුවන් දැන් සිය ජාමේ බේරා ගැනිම සදහා විවිධ උප්පර වැට්ටි දමමින් සිටි.
මේ නිසා ඔවුන් කියන්නට යන්නේ ඩෙංගු කීටයන් තම හෝටල් භූමියෙන් හමුනොවු බවය.
එහෙත් මීගමුවේ මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලයේ නිළධාරින් මේ හෝටල් පරිශ්‍රය තුලදි ඩෙංගු කීටයන් සිටි බවට දැනටමත් පිලිගෙන තිබේ.
එහෙත් ගැටලුව වන්නේ මේ සෞඛ්‍ය බලධාරින්ට මේ හෝටලයට එරෙහිව නඩු දමන්නට බැරි ආකාරයේ දේශපාලන බලපෑමක් මේ වන විටිත් වර්ධනය වෙමින් තිබිමය.
මෙහි ප්‍රථිපලයක් නිසාදෝ ප්‍රදේශය භාරව සිටින මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා ඔහුගේ දුරකථනයද මේ දිනවල වසා දමා නිවාඩු ගොස් ඇති බව සැලය.
මේ අතර මීපුර වෙබ් අඩවිය අමතා කථා කළ කරමින් මේ හෝටලයේ ප්‍රකාශිත එක් හිමිකරුවෙකු වන ඩන්ස්ටන් ගොළුහේවා මහතා කියා සිටියේ ඩෙංගු කීටයන් තමන්ගේ හෝටල් භුමියේ සිට හමු නොවුන බවය.
එසේ නම් ජාතික ඩෙංගු මර්ධන වැඩසටහනේ වෛද්‍ය තවුපික් මහතා හදිස්සියේම මේ කුරණ සුපිරි හෝටලයට පැමිණ තිබුනේ ඇයි ?
ඩෙංගු කිටයන් ද හමුවුනේ නැතැයි කියන්නේ නම් මේකඩිමුඩියේ ඩෙංගු මර්ධන ජාතික  ප්‍රධානියා පැමිණෙන්නට කිසිදු හේතුවක් නැත.
ජනවාරි මාසය තුල මීගමුව රෝහලට ඇතුළත්ව ඇති ඩෙංගු රෝගින් 13 දෙනෙකු සිය ලිපිනය ලෙස ලබාදි ඇත්තේ කුරණ සුපිරි හෝටලයේ ලිපිනයයි. එපමණක් නොව ඒ අවට නිවැසියන් 9 දෙනෙකුද ඩෙංගු රෝගින් ලෙසින් මීගමුව රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබා ඇත.,තතු මෙසේ වෙද්දි මේ සුපිරි හෝටලයට එහා බෝලවලාන ප්‍රදේශයෙන් ඩෙංගු රෝගින් වාර්තා වි ඇත්තේ එක් අයෙකු පමණි.මේ සුපිරි ග්‍රැන්ඩිසා හෝටලය ඩෙංගු තිප්පලක් යැයි කියන්නට තවත් සාක්ෂි අවශ්‍යදැයි අපි ඩන්ස්ටන් ගොළුහේවා මහතාගෙන් අසමු.
තත්වය මේසා බරපතල නිසා ඩෙංගු මර්ධන ජාතික වැඩසටහනේ ප්‍රධානියාවම හෝටලයට කැදවා ගොඩයන්නට නිමල් ලංසාලා දැන් කල්පනා කරනවා විය යුතුය.
හෙත් ඩන්ස්ටන් ගොළුහේවා රටට ලෝකයට වසංකරන්නට උත්සාහ කරන තිත්ත ඇත්ත වෛද්‍ය තව්පික් මහතාගේ පැමිණිම හරහාම රටට ලෝකයාට දැන් ගොස් හමාරය.
අප අවස්ථා ගණනාවකදිම හෙළිකර ඇති පරිදි මේ හෝටලයේ ඇත්ත හිමිකරුවන්ට ඇති දේශපාලන බලය මත දැන් සිදුවෙමින් යන්නේ හෝටලය ඩෙංගු තිප්පොලක් නොවේ යැයි රටට කියා නඩුවට්ටා ගන්නේ නැතිව ගොඩයන තැනට කටයුතු සලසා ගැනිමය.
මේ පසුබිම තුලදි මීගමුවේ මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලයේ නිලධාරින්ගේ සිමාවද අප ඉතා හොදින් දනිමු.
ඒ ඔවුන්ට ඇති විවිධ බලපෑම් නිසාවෙනි.
දුප්පත් නිවැසියෙකුගේ ඉඩමකින් ඩෙංගු කීටයන් හමුවන්නේ  නම් දඩ ගසන මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ට අද ග්‍රැන්ඩිසා හෝටලය ඉදිරියේ නිරුත්තර වන්නට සිදුව ඇත.ඒ මේ සුපිරි හෝටලයේ ඇත්ත හිමිකරුවාට ඇති දේශපාලන බලයේ තරමනිසාය.