කුරණ පල්ලියේ ස්වාමිගේ අමනුස්ස දේශනාව ..?

0
60

මීගමුව කුරණ පල්ලියේ ස්වාමි ගැන හිරිකිත හිතෙන වැඩක් ගැන ගමේ හැමතැනම කථාවක් පැතිරෙනවා.
ඒ පහුගිය දවසක කුරණ ගමේ මියගිය කෙනෙක්ගේ  දේහය කිතුණු චාරිත්‍රවලට අනුව මළපුජාව සදහා පල්ලියට ගෙනල්ල තිබුණ අවස්ථාවේ කළ ප්‍රකාශක් ගැන…
මේ මෙහෙය වේලාවේ පල්ලියේ ස්වාමි කාටත් අදහගන්න බැරි විදියේ කථාවක් කරල තිබුණා.
ස්වාමිගේ මේ කථාවේ හරය තමයි මේ මැරිච්ච මනුස්සය පල්ලිය එක්ක එතරම් ඇසුරක් තිබුන කෙනෙක් නෙමේ එහෙම හිටියනම් මෙච්චර කලින් මැරෙන්නේ නැ වගේ අදහසක් තවත් නොගැලෙපෙන කථා ගොඩක් කියල තිබුන.
සාමාන්‍යයෙන් කවදාවත් පල්ලියක ස්වාමි කෙනෙක් දේහයක් ඉදිරියේ මේ වගේ කථාවක් කියයි කියල හිනෙන් වත් හිතපු නැති කිතුණු බැතිමතුන් තුෂ්නිම්භුතවෙලා බලන් හිටියලු.
විශේෂයෙන් තරුණ පිරිස තමන්ගේ ඉවසිම පාලනය කරගෙන තිබුණේ ස්වාමිට යමක් කියන්න සිද්ධවුනොත් ඒක ඒ මියගිය අයට කරන  අගරුවක් වෙන්න පුලුවන් හින්දලු.