කුරණ සුපිරි හෝටලයේ ඩෙංගු ප්‍රශ්ණය ගැන සෞඛ්‍ය කාරක සභාවේ සභාපති දයාන් ලංසා නිහඩයි ?

0
142

දායන් 100මීගමුව මහනගර සභාවේ සෞඛ්‍ය කාරක සභාවේ සභාපතිත්වය දරන්නේ නාගරික මන්ත්‍රි දයාන් ලංසා මහතාය.
දැනට කුරණ ග්‍රාමය කේන්ද්‍රකොට ගනිමින් වසංගතයක් මෙන් පැතිර ගොස් ඇති ඩෙංගු ප්‍රශ්ණය ගැන සෞඛ්‍ය කාරක සභාව ගන්නා පියවර කුමක්දැයි දැනගැනිම සදහා අවස්ථා ගණනාවකදිම නියෝජ්‍ය නගරාධිපති දයාන් ලංසා මහතාව දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළද එය සාර්ථක වුයේ නැත.
කෙසේ වෙතත් මීගමුව නගර සභාව විසින් දුප්පත් මිනිසුන්ගේ නිවෙස් හි ඩෙංගු කීටයන් සිටි අවස්ථාවලදි රුපියල් දහස් ගණනින් දඩ ගසා නඩු දැමු අයුරින් කුරණ පිහිටි ග්‍රැන්ඩිසා හෝටලය ගැන ක්‍රියාත්මක නොවන්නේ ඇයිදැයි ප්‍රදේශවාසිහු ප්‍රශ්ණ කරති.