කුරණ සුපිරි හෝටලයේ සේවකයන් 13 කට ඩෙංගු හැදුන බව සෞඛ්‍ය කමිටු සභාපති දයාන් ලංසා දන්නේ නැතිලු ?

0
89

dengu protest 9.JPG.JPGමීගමුව කුරණ පිහිටි සුපිරි හෝටලයක සේවකයන් 13 කට ඩෙංගු වැලදි ඇති බව සෞඛ්‍ය කමිටුවේ සභාපතිවරයා ලෙසින් දයාන් ලංසා නියෝජ්‍ය නගරාධිපතිවරයා දන්නේ දැයි අප කළ විමසුමකට පිළිතුරු දෙමින් කියා සිටියේ ඒ  ගැන කිසිවක් නොදන්නා බවය.
කුරණට ඩෙංගු බෝකිරිම සම්බන්ධයෙන් මේ සුපිරි හෝටලයට ගම්වාසින් විසින් පැහැදිලි චෝදනාවක් එල්ල කර තිබියදි ඒ ගැන විමසිම සදහා මිට සතියකට පමණ පෙර මීගමුව මහනගර සභාවේ සෞඛ්‍ය කමිටුටවේ සභාපතිවරයාව දුරකථනයනේ අවස්ථා කිපයකදි සම්බන්ධ කරගැනිමට උත්සාහ කළද එය සාර්ථක වුයේ නැත,එහෙත් අප විසින් ඔහු පිලිබදව පළකරන්නට යෙදුන පුවතකට ප්‍රතිචාර දැක්විම සදහා මිපුර වෙබ් අඩවිය ඇමතු අවස්ථාවේදි ඔහු කියා සිටියේ තමන් එ ගැන නොදන්නා බවය.
මෙය බරපතල තත්වයකි.
ඔහු දැන් මීගමුවේ නියෝජ්‍ය නගරාධිපතිය එමෙන්ම සෞඛ්‍ය කමිටුවේ සභාපතිවරයාය. කුරණ උද්ගතව ඇති ඩෙංගු තත්වය නිසා එක්දරු මවක්ද පසුගිය දිනක මිය ගොස් තිබුණි.
මෙවන් බරපතල පසුබිමක් යටතේ සෞඛ්‍ය කමිටුවේ සභාපතිවරයා කියා සිටින්නේ තමන් ඒ ගැන නොදන්නා බවය.
පසුගිය දිනක මේ හෝටලය ඉදිරිපිට උද්ඝෝෂණයක් පවත්වමින් කුරණ ප්‍රදේශවාසින් කියා සිටියේ මෙම හෝටලයේ ඇත්ත හිමිකරු දයාන් ලංසාගේ සොහොයුරු  ඇමති නිමල් ලංසා බවය.