ජෝන් කොතලාවල විද්‍යාලයේ විදුහල්පතිවරයාගේ ක්‍රියා කලාපය සාධාරණ හා ආචාරධාර්මික නොවන බවට ඕනෑතරම් සිදුවීම් ඇතිබවත් ගුරුවරු හා ඉහළ පෙලේ දේශපාලනඥයන් මෙන්ම සමහර මාධ්‍යෙව්දීන් ද ඔහුට බිය බව ප්‍රෙද්ශයේ ඇතැම් ගුරුවරුන් පවසති. මොහුගේ ක්‍රියාකලාපය දේශපාලන ගැතිකම් වලින් මෙන්ම රළු පාලනයක් බවද නම සදහන් කිරීමට අකමැති ගුරුවරයෙක් පැවසීය. එමෙන්ම පාසල් දරුවන්ට දඩුවම් කිරීම සඳහා කලුවර කාමරයක් ද පාසල තුළ සකසා ඇති බවද ගුරුවරුන්ගෙන් වාර්තා වේ.