කුරුණැගලට කැබිනට් ඇමතිකම් 5ක් පුත්තලමට එකක්වත් නෑ ?

0
84

ඇමති මණ්ඩලයඅඵතින් හදුන්වාදෙනු ලැබූ වයඹ සංවර්ධන අමාත්‍යධූරය ඇතුඵ දුන් කැබිනට් ඇමැති තනතුර පහක් කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට හිම වී තිබේ.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් තිදෙනෙකු සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් දෙදෙනෙකු අභිනව ජාතික රජ‍යේ කැබිනට් මණ්ඩලය නියෝජනය කිරීමට වරම් ලබා සිටිති.දින සියයේ වැඩපිළිවෙල යටතේ අධ්‍යාපන අමාත්‍ය ධූරය හෙබ වූ අකිල විරාජ් කාරියවසම් මහතාට ඉදිරි වසර පහක කාලය තුළත් එම අමාත්‍යශංයෙහිම වැඩකටයුතු කරගෙනයාමේ අවස්ථාව හිමි වී ඇති අතර වයඹ ප්‍රධාන අමාත්‍යධූරය හැර දා පාර්ලිමේන්ත්‍රවට ගිය දයාසිරි ජයසේකර මහතා විසින් ජාතික රජයේ ක්‍රීඩා අමාත්‍යධූරය භාරගෙන තිබේ.

මහින්ද රාජපක්ෂ රජය යටතේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු ලෙස කොන්කිරීමට ලක්කර සිටි එස්. බී. නාවින්න මහතා වඩාත් බලසම්පන්න අමාත්‍යවරයෙකු බවට යළිත් පත්කරවමින් අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ලැබීය.

වන අලි ගැටඵව , අනවසර වැලි ගොඩදැමීම් සහ මෑතක සිට දැකගත හැකි හදිසි නියං , ගංවතුර සහ නායයාම් ආපදාවන් සහිත දිස්ත්‍රික්කයක් වන කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් අභිනව ජාතික රජයේ ආපදා කළමණාකරන අමාත්‍යවරයා අනුර ප්‍රියදර්ශන යාපා මහතාට පත් ව සිටී.
කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරන ඇමැතිවරුන් සහ ඔවුන්ගේ විෂයන් මෙසේය.

01. තිරසාර සංවර්ධනය සහ වනජීවි අමාත්‍ය – ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා.

02. ආපදා කළමණාකරන අමාත්‍ය – අනුර ප්‍රියදර්ශන යාපා මහතා.

03. අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය – එස්. බී. නාවින්න මහතා.

04. අධ්‍යාපන අමාත්‍ය – අකිල විරාජ් කාරියවසම් මහතා.

05. ක්‍රීඩා අමාත්‍ය – දයාසිරි ජයසේකර මහතා
එහෙත් පුත්තලම් දිස්ත්‍රික්කයට කැබිනට් ඇමතිධුර එකක්වත් නැත.වාර්ථා අන්දමට ලබන 8 වනදාට රාජ්‍ය අමාත්‍යධුර 2 ක් ලැබිමටය නියමිතය.
(www.wayambatoday.com ඇසුරිනි.)