කුරුඳුවත්ත රිය අනතුරු සිදුකළ උසස් පොලිස් නිළධාරියාගේ දියණිය අත්අඩංගුවට …

0
299

fb_img_16055171489323908226107684597272(3.30 pm ) රියදුරු බලපත්‍රයක් නොමැතිව අපරික්ෂාකාරීව සුඛෝපභෝගී ජීප් රථයක් ධාවනය කර අනතුරක් සිදුකිරීම හේතුවෙන් නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ දියණිය සහ තවත් පුද්ගලයෙකු කුරුඳුවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව newswire.lk වෙබ් අඩවිය වාර්ථා කොට තිබේ

මීට පෙර බොරැල්ල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයාට මරු කැඳවමින් බම්බලපිටිය ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුකර තිබුණේද මෙම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේම පුත්‍රයෙක් බවද එම පුවතේ සදහන්ය

නුගේගොඩ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ දියණිය පදවාගෙන ආ සුඛෝපභෝගී ජීප් රථය පාලනය කර ගැනීමට පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් ඊයේ පස්වරුවේ මෙම අනතුර සිදුව තිබුණ

රථය පැදවූ උසස් පොලිස් නිලධාරියාගේ දියණිය සතුව නීත්‍යානුකූල රියදුරු බලපත්‍රයක් නොතිබුණු බව  ඇය වෛද්‍ය පරීක්ෂණයකට ද යොමු කර තිබෙන බව newscenter.lk වෙබ් අඩවිය විසින්ද වාර්තා කොට ඇත