සෑම් කසීර් මහතා කුරුළු හා වනජීවී ඡායාරූප මාර්ගඋපදේශකයෙකු ලෙස සංචාරක ක්ෂේත්‍රෙය් වසර 25ක අත්දැකීම් ඇති වෘත්තීය මාර්ගෝපදේශකයෙකි. එමෙන්ම කුරුල්ලන් නැරඹිම සඳහා වන මාර්ග උපදේශකයින් ලෙස ලංකාවේ සිටින ප්‍රවීනයන් අතරට ඔහුද අයත් වේ. සංචාරක මාර්ගඋපදේශකයෙකු මෙන්ම ලංකාවේ පාරසරික වටිනාකම පිළිබදව ධනාත්මකව සිතන සෑම් කසීර් මහතා සමග මීපුර කළ සාකච්ඡාවක් පහත පළවේ.
මම ඉපදුනේ බොරැල්ලේ. නමුත් අපි පදිංචිව සිටියේ මවගේ ගම් ප්‍රදේශය වන මහරගම. පසුව පියාට රැකියාවක් ලැබුණා ඉංගිරියේ වත්තේ කොන්දොස්තරවරයෙකු වශයෙන්. පසුව අපි සුන්දර ප්‍රදේශයක් වන ඉංගිරියේ පදිංචි වුණා. මම පාසල් ගියේ ඉංගිරියේ ගාමිණි මහ විදුහලට.
ගම් පළාතේන් මෙම වෘත්තියට ප්‍රවේශ විම සදහා රුකුලක් ලැබුණද ? මෙය ඔබේ පුංචි කාලේ ඉදන් තිබුණ බලාපොරොත්තුවක්ද ?
නෑ එය මගේ පුංචි කාලේ ඉදන් තිබුණ බලාපොරොත්තුවක් නෙමේ. නමුත් අපේ ගමේ තිබුණා තේ ෆැක්ටරියක්.
මට ඈත මතකයක් තියෙනවා අපේ ගමට සංචාරක පිරිසක් පැමිණියා බස් එකකින්. ඔවුන් පැමිණි බස් එක කැඩිලා පසුව ඔවුන්ව පයින් ටික දුරක් පැමිණියා. ගයිඩ් කරපු මහත්තයා ටොෆි චොකලට් වගයක් දුන්නා අපිට. ඒ අවස්ථාව මගේ හිතට කා වදින්න ඇති මගේ මුල්ම අත්දැකිම එයයි. මම පසුකාලයේ ටොබැකෝ ආයතනයේ සහ බවර් ආයතනයේ වැඩ කළා.
බවර් එකේන් තමයි සංචාරක ක්ෂේත්‍රයට පිවිසුණේ. මගේ යාළුවෙක් හිටියා බර්නාඩ් ගුණසේකර කියලා එගොල්ලෝ වාහන දෙකක් අරන් සංචාරය සඳහා යෙදෙව්වා. ඒ එක්ක යන්න මට අවස්ථාව ලැබුණා. එකේ විදේශකයින් දෙන්නේක් හිටියා රියදුරු මහත්තයෙක් හිටියා මටත් රට තොට බැලිමේ අසාවක් තිබුණ නිසා මම ගියා. ඒ කාර් එකේ නුවර පාරේ ගිය සුන්දර මතකයක් බලපාන්න ඇති මෙයට යොමු වෙන්න.
සංචාර ක්ෂේත්‍රයට පුර්නකාලිනව යොමු වුණේ කොයි කාලෙද ?
මට මතක විදිහට 1989දී. බවර් ට්‍රැවල්ස් වල අවුට් සයිට් රියදුරෙක් විදියට මම මේ අද ඉන්න තැනට එන්න බෙෙහවින් රුකුලක් වුණේ සහ එහි ගෞරවය හිමි විය යුත්තේ බවර් ආයතනයටයි.
මම හිතන්නේ දෛවය විසින් මාව යොමු කළා කියලා. ඒ වාහනයේ අයිතිකරු බවර් එකේ මහත්තයෙක් ඔහුට තිබුණා ලාන්සර් එකක්.
ඔබ ඔවුන් සමඟ කළ සංචාරයේ මුල්ම අත්දැකිම ඔබට දැනුණේ කොහොමද?
ඔව් මට මතක විදියට අපි ගියේ නුවර. කාර් එකක් තමයි මුලින්ම මට ලැබුණේ යන්න. එංගලන්ත විදේශ ඡාතික කාන්තාවන් දෙදෙනෙක් සමග තමයි සංවාරය කලේ.
මම වාහනය ඩ්‍රයිව් කරන ගමන් තමයි ගයිඩ් කළේ. මට එතරම් දැනිමක් තිබුණේ නෑ. නුවර පාර ගැන පස්සේ මම පෑලියගොඩින් මිගමුව පාරට වැටෙනකොට මට තේරුණා පාර වැරදියි කියලා. ඊට පස්සේ මම හැදල හන්දියේන් ෂෙඩ් එකකින් ඇහුවා. විදේශික කාන්තවන් දෙදෙනා ගොඩක් හොඳයි , ඔවුන් බය වුණේ නෑ ඔවුන්ට තිබුණා නුවර බැලිමේ අසාවක් ඔවුන් පොත්පත් වලින් නුවර දැකලා තිබුණා. ඒ වගේම ඔවුන්ට තිබුණා අසාවක් කුයික් හෝටලයේ තේ බොන්න. නුවර වටේ ඇවිද්දා. පොටෝ ගත්තද කියලා මට මතක නෑ එදා හවසම නැවත පැමිණියා.
එතකොට ඔබ කුරුල්ලන් සම්බන්ධව මාර්ගඋපදේශනයට ප්‍රවේශ වෙන්නේ කොහොමද ?
එය සිදුවුණේ මෙහේමයි. එය ඇත්තටම වාසනාවකට සිදු වු දෙයක්. ඇත්තටම එය මට ලැබුණේ දඬුවමක් විදියට. මම වැඩ කරපු ආයතනයේ වෙනත් පුද්ගලයෙක් සමඟ ඇති කරගත් ආරවුලක් හේතුවෙන් දඬුවමක් හැටියට තමයි අනිත් ටුවර් නැතුව කුරුල්ලන් නිරික්ෂණය සඳහා යොමු කළේ.
ඒ කාලේ හැටියට එක ටිකක් අසිරූ වැඩක්. කැලේ යන්න ඕනේ කුඩැල්ලෝ කනවා , පාන්දර හතරට නැගිටින්න ඕනේ , රෑ නවය දහය වෙනකන් ඇහැරගෙන ඉන්න වෙනවා. අනිත් ටුවර් අටහමාරට පටන් අරන් පහහමාරට ඉවරයි ඒ නිසා කුරුල්ලන් නැරඹීම (Bird Watching) දඬුවමක් වගේ ලැබුණේ. එත් මම එය සලකන්නේ ඡිවිතේ ලැබුණු සුන්දර දණ්ඩුවමක් විදියට. අද මම වැඩියෙන්ම ආදයම් උපයන්නේ බර්ඩ් වොචින් වලින්.
ඔබ පළවෙනි කුරුල්ලන් නිරික්ෂණය සංචාරයේ අත්දැකීම ?
මම හරියටම දැනන් හිටියේ නෑ. බර්ඩ් වොචින් ගැන මුලින්ම පිළිගැනිමක් තිබුණේ නෑ. වැඩියේ විදේශිකයන් කියන ස්ථාන වලින් බස්සල මම කාර් එකට වෙලා පොතක් කියවගෙන හිටියා. ටුවර් එක ඉවර වුණාම ටුවර් feedback report එක එතරන් සුබවාදි වුණේ නැ. සමාන්‍යයෙන් සන්තෝසමක් දෙනවා එක ලැබුණෙත් නෑ මට හිතුනා වැරැද්දක් තියෙනවා කියලා. එයාලා කුරුල්ලෝ සම්බන්ධ පොත් අරන් එනවා. එවා යද්දි අරන් යන්නේ නෑ. ඇවිත් පොත්වලින් බලලා තමයි කුරුල්ලො ගැන කතා කරන්නේ.
ඒ වෙලාවේ මට තෙරුණා මේක ටිකක් විශේෂයි කියලා. ඒ නිසා Bird fo srilanka ඒක ලඟ තියාගෙන මම දකින දකින කුරුල්ලන්ව පෙන්නන්ඩ පටන් ගත්තා. ඒකට මා එක්ක සංචාරයේ ගිය විදේශිකයින්ගෙනුත් සහෙයෝගයක් ලැබුණා.දෙවෙනි ගමන මම ගියේ කිතුල්ගල , ඒකට හොඳ සූදානමකින් ගියා.
පිටකොටුවේ තියෙනවා බතික් සෙන්ටර් කියලා තැනක්. ඒ කාලේ බයිනෝ එකක් (Binoculars -දුරදක්නය) රු හත්දාහක්- අටදාහක් විතර වෙනවා. හොඳ එකක් තිබුණා. ඉතින් මම ඒ කඩේට ගිහින් හැමදාම එකක් අඩුවට ඉල්ලනවා ලැබුනේ නෑ
දවසක් මම එතන ඉද්දී විදේශිකයෙක් ආවා ඒ ෂොප් එකට, බයිනෝ එකක් විකුණන්ඩ. ඒත් ඒකට එයා බලාපොරොත්තු වෙච්ච ගාන ලැබුණේ නෑ. එයා හැරිලා ගියා. මමත් එයාගේ පස්සෙන් ගිහින් බයිනෝ එක විකුණන ගාන ඇහුවා.
එයා එනකම් මම පැය බාගයක් විතර එලියේ හිටියා. ඉදලා එද්දී මම ඇහැව්වා ඒ බයිනෝ එක කීයද කියලා. පස්සේ මම මගේ අතේ තියෙන ගාන පෙන්නුවාම ඔහු ඒ සල්ලි ටික අරගෙන සාක්කුවේ දාගෙන බයිනෝ එක මගේ අතේ තිබ්බා. ඒක හුගක් වටින රුසියන් බයිනෝ එකක්. මගේ හතර වන සංචාරයකට යද්දී මම ගියේ ඒ බයිනෝ එකත් අරගෙන.
ඊට පස්සේ ඒ බයිනෝ එකෙන් මම පළමුවෙන්ම කුරුළු ලෝකය දිහා බලනකොට වෙනස්ම ලෝකයක් මම දකින්ඩ ගත්තා.
එතන ඉදන් මම ඉස්සරහට ගියා මිස එක අඩියක්වත් පස්සට තිබ්ඛේ නෑ. ඊට පස්සේ මම ලංකාවේ කුරුල්ලන් සම්බන්ධව මෙන්ම සංචාරක පක්ෂීන් ගැනත් මගේ දැනුම අත්දැකීම වර්ධනය කරගත්තා. මේ වෙද්දි මට කුරුල්ලන්ගේ හඩ අනුගමනය කරන්ඩ පුලුවන්.
කුරුල්ලන් සම්බන්ධයෙන් විදේශිකයන් ලංකාවට පැමිණීමේ දී විශේෂ කාල වකවානු තිබෙනවාද ?
කුරුළු නිරීක්ෂකයෝ එන්නේ එක කාලයකට විතරයි. ඔක්තෝම්බර් සිට පෙබරවාරි වෙනකම් වගේ ඒ කාලය අයත් වෙනවා. මොකද අපේ ලංකාවේ ඉන්නවා පිටරට ඉන්න කුරුල්ලන් 200ක් විතරයි .බෞද්ධ රටක් විදිහට කුරුල්ලන්ට කරදර කරනවා අඩුයි අපේ ලංකාවේ අය.
විශේෂ කුරුල්ලෙක් ඉන්නවා. එයා ඉන්නේ නාවලපිටියේයි නුවර එලියෙයි විතරයි. එයා හරිම චූටි කුරුල්ලෙක්.එයා අරහේ සීතලෙන් ඛේරෙන්ඩ මෙහෙට එනවා. එයා ඉන්නවා නුවර එළියේ ,හග්ගල වික්ටෝරියා පාර්ක් එකේ සහ තවත් තැන් කිපයක එයාව දකින්ඩ පුලුවන්. එහෙම ඉදලා ආපහු යනවා. කුරුළු ලෝකය කියන්නේ ඉතාම සුන්දර ලෝකයක්.ඇතුල් වුනොත් ආයේ ජීවිතේට පිටවෙන්ඩ හිතෙන්නේ නැති.
වෙනත් සංචාරක උපදේශනයක් එක්ක කුරුළු නිරීක්ෂණය කියන එක වෙනස් අත්දැකීමක් ද?
මේකෙදී දෙවර්ගයක් ඉන්නවා. කුරුල්ලන්ට ආසා ,සමනළුන් ,මල් බලන්ඩ කැමති සංචාරකයින් පිරිසක් ඉන්නවා. ඒ වගේම කුරුල්ලෝ විතරක්ම බලන අය (හාඩ් ගෝ බර්ඩින්) පිරිසකුත් ඉන්නවා. මම මුලින් කියපු පිරිසට කපුටා ගේ ඉදලා උකුස්සා දක්වා පෙන්නන්ඩ පුලුවන්. අනෙක් පිරිස ලෝකයේ ඉන්න අනෙක් රටවල් වල කුරුල්ලෝ ඔක්කොම බලලා ලංකාවට ආවේනික කුරුලු විශේෂ බලන්ඩ තමයි එයාලට ඕනා. ඒයාලට විශේෂිත කුරුළු ලයිස්තුවක් අරගෙනම තමා එයාලා එන්නේ බැලිම සඳහා.
සිංහරාජ , කිතුල් ගල ,නුවරඑලිය ,යාල බූන්දල , උඩවලව වගේ කුරුල්ලන්ඩ පමනක් විශේෂිත ප්‍රදේශ වලට යන්නේ.
ඒ අය වෙනත් විෂයන් ඒ කියන්නේ සංස්කෘතිය, ඉතිහාසය වගේ දේවල් ගැන අවධානය දීම හරි අඩුයි.
Bible for Sri Lankan bird watching කියන පෙත තමා ලංකාවේ කුරුළු නිරීක්ෂණය කරන්නන් අත්පොතක් ලෙස පරිහරණය කරන්නේ.
ඒ දවස්වල අපි පුදුම කැපවිමක් කරලා ඉගෙන ගත්තේ.කුරුල්ලන් සම්බන්ධයෙන් පර්යේෂන සදහා ලංකාවට ආපු පුද්ගලයන්
එක්කේනකේ තමා කිල්ලොඩි එංගලන්තේ ඉන්න හොදම කුරුළු නිරීක්ෂකයෙක්. මට එයත් එක්ක වැඩ කරන්ඩ අවස්ථාවක් ලැබුණා. තව මහත්තෙයෙක් ඉන්නවා මම මතක් කළ යුතු ඊ.ටී. පෙරේරා.
සටහන – කුමාරි ප්‍රනාන්දු
ඡයාරූප උපුටාගැනීම
https://www.facebook.com/profile.php?id=100009913598583