කුලීයට වාහන දෙන තැන් රැසක වංචා කළ වාහන ?

0
263

පුද්ගලයන් විසින් සොරකම් කරන ලද හා වංචනිකව ලබාගත් වාහන , රෙන්ට් කිරීම සඳහා ලබාදී ඇති බව  තම රථවාහන අහිමි වූ ප්දගලයන් විසින් කරල ලද පැමිණිලි මත  මීගමුව පොලීසිය සිදුකරන ලද විමර්ශන වලින් හෙලිවී ඇත. මේ ආකාරයට කෝටි පහක පමණ වටිනාකමකින් යුතු වාහන 21ක් සහ කාර් 19ක් ද වෑන් රථ 2කක් ද  තිබී සොයාගෙන ඇති අතර නවීන පන්නයේ කාර් රථ 3ක් ඒ අතර තිබී ඇති බව පොලීසිය පවසයි.
මිගමුව නිට්ටඔුව ගම්පහ සීදූව ජාඇල ප්‍රදේශවල පවත්වාගෙන යන වාහන කුලී පදනම මත දෙන ස්ථාන කීපයකදී මෙම වාහන  තිබියදී   වාහන සොයාගෙන ඇත. සිද්ධිය සම්න්ධයෙන් ෙමිවන විට සැක කරුවන් දෙදෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති අතර එහි ප්‍රධාන සැක කරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බැවින් ඔහු ඇතුළු තවත් සැක කරුවන් දෙදෙනෙකු අත් අඩංගුවට ගැනීමට නියමිත බව පොලීසිය පැවසීය. මෙම විමර්ශන සහ  වැටලීම මීගමුව කොටිඨාශ නිතිය බලගැන්වීමේ ඒකකය විසින් සිදුකර ඇත.

ඡායාරූප – ප්‍රියප්‍රේම මානික්කරත්න

ඡායාරූප - ප්‍රියප්‍රේම මානික්කරත්න
ඡායාරූප – ප්‍රියප්‍රේම මානික්කරත්න