කුලී පදනම මත රථවාහන සපයන (Vehicle rent service),ලබාදෙන ස්ථානයන්ගෙන් වාහන ලබාගෙන, එම වාහන වලට ව්‍යාජ ලියාපදංචි සහතික සකස් කර එම වාහන විකිණීමේ හා උකස්කර මුදල් ලබාගැනීම් සිදුකළ පුද්ගලයෙකු පසුගියදා අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත යොමුකර තිබේ.
සීදුව ප්‍රදේශයේ ඇති ප්‍රකට ගිණිපෙට්ටි සමාගමක අයිතිකරුගේ වැඩිමහල් පුත්‍රයා මෙලෙස අත්අඩංගුවට පත්වී ඇති අතර ව්‍යාජ ලෙස ලියාපදිංචි සහතික අලූතින් සකස් කර උකස් කළ වාහන 06ක් ද මෙහිදී සොයාගෙන ඇත. කොච්චිකඬේ දලූවකොටුවේ දුම්රිය මාර්ගය
එහිදී මෙම වාහන කොච්චිකඬේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සැකකාර පුද්ගලයා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර ජුනි මස 07 වනදා දක්වා ඔහුව රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර ඇත.
කොච්චිකඬේ පොලිස් ස්ථානයේ ජයසූරිය නමැති පොලිස් නිලධාරියා ලද තොරතුරක් මත එම පොලිස් ස්තානයේ ස්ථානාධිපති නිශාන්ත හේරත් මහතාගේ උපදේශකත්වයෙන් සහ නවුසන් නමැති පොලිස් නිලධාරියා සමග එක්ව මෙම පුද්ගලයාව අත්අඩංගුවට ගෙන ඇත.