කුසල්,ධනුෂ්ක,නිරෝෂන්, එංගලන්තයේ සිට මිගමුවට ….

0
163

එංගලන්තයේ තරග සංචාරයක නිරතව සිටියදී විනය විරෝධීව හැසුරුණේ යැයි චෝදනා එල්ල වීම නිසා හදිස්සියේ නැවත ශ්‍රී ලංකාවට කැඳවූ ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනා නිරෝධානය සඳහා මීගමුව ප්‍රදේශයේ හෝටලයකට යොමු කරන්නේ යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා පැවසු බව ලංකාදිප වෙබ් අඩවිය වාර්තා කර තිබේ

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා පැවසුවේ නිරෝධානය සඳහා වැය වන මුදල් අදාල ක්‍රීඩකයන්ගෙන් අයකරගැනීමට බලාපොරොත්තු වන වැඩිදුරටත් එම පුවතේ සදහන්ය

ශ්‍රී ලංකා එක්දින පිලේ උප නායක කුසල් මෙන්ඩිස්, ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක සහ කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල යන තිදෙනා අද (29) දහවල් නැවත ශ්‍රී ලංකාවට පැමිණ තිබුණි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here