කුළුණු පැටලුනු සිරස ප්‍රවෘත්ති වාර්ථාකරණය -They report you decide ?

0
395
සිරස වෙබ් අඩවිය විසින් පළකකරන පුවත

we report you decide යැයි කියමින් ප්‍රවෘත්තිකරණයේ දැවැන්තයා ලෙසින් තමන් විසින්ම හදුන්වාගනු ලබන සිරස මාධ්‍ය ආයතනය විසින් පසුගිය දිනක කදවලදි කඩාවැටුන කුළුන ගැන වාර්ථා කිරිමේදි බරපතල වැරදි දෙකක් සිදුකර තිබේ.
ඉන් එකක් වන්නේ ප්‍රවෘත්තිමය වරදකි.
අනෙක වන්නේ මාධ්‍ය ක්ෂේත්‍රයේ සදාචාරමය වරදකි.
සිරස ප්‍රවෘත්ති ජාලයේ ඉංග්‍රිසි වෙබ් අඩවිය කදවල කුළුන ගැන ලියා ඇති සටහනට යොදා ඇත්තේ කටුනායක ඇවරිවත්තේ බේස්ලයින් පාරේ පිහිටි කුළුණේ ඡායාරූපයකි.
එය ප්‍රවෘත්තිමය වශයෙන් වැරදිය.
සිරස විසින් සිදුකර ඇති අනෙක් සදාචාරමය වරද වන්නේ ඔවුන් පළ කර ඇති ඇවරිවත්තේ කුළුනේ ඡායාරූපයේ උපුටාගෙන ඇත්තේ කොහෙන්දැයි සදහන් කර නොතිබිමය.
කදවල කුළුන කඩාවැටිමත් සමගින් අප වෙබ් අඩවිය විසින් පළකරන ලද පුවතේදි අප විසින් ඇවරිවත්තේ කුළුනේද ඡායාරූපයක් පළකලෙමු.
එහි හිමිකරුවා වන්නේ අප වෙබ්අඩවියට සම්බන්ධ දක්ෂ පුරවැසි මාධ්‍යකරුවෙකු වු සුජායිල් මුනියර්ය.අප විසින් පළකරන පුවතක් හෝ ඡායාරූපයක් අන් අයටද පළකිරිමට කිසිදු බාධාවක් නැත.එහෙත් එය උපුටා ගත්තේ කොහෙන්දැයි කියන්නට තරම් අවම සදාචාරයක් තිබි යුතුය.
මේ අනුව සිරස වෙබ් අඩවිය  මේ වැරදි දෙකම සිදුකර ඇත.
සිරස පාඨකයන්ට අපට කියන්නේ ඇත්තේ
they report you decide යනුවෙනි.

කදවල කුළුන (ප්‍රදේශයේ ග්‍රාමනිළධාරියෙකු ලග තිබුන ඡායාරුපයකි )
කදවල කුළුන (ප්‍රදේශයේ ග්‍රාමනිළධාරියෙකු ලග තිබුන ඡායාරුපයකි )
ඇවිරිවත්ත බේස්ලයින් පාරේ කුළුන- සුජායිල් මුනියර් විසින් ගන්නා ලද ඡායරූපයකි.
ඇවිරිවත්ත බේස්ලයින් පාරේ කුළුන- සුජායිල් මුනියර් විසින් ගන්නා ලද ඡායරූපයකි.
සිරස වෙබ් අඩවිය විසින් පළකකරන පුවත
සිරස වෙබ් අඩවිය විසින් පළකකරන පුවත

(පහත පළවන්නේ සුජායිල් මුනියර් විසින් 2014 අප්‍රෙල් මස 14 වන දින පළකරන ලද පුවතයි.)

කටුනායක බේස්ලයින් පාරේ ඕලන්ද කුළුණ

කටුනායක ඇවැරිවත්ත සිට සීදුව දක්වා ඇති ඛෙස්ලයින් පාරේ ඇති ලන්දේසි සමයට අයත්  සිලින්ඩරාකාර කුලුණේ  උස අඩි 64 කින් යුක්තය.
මෙම බේස්ලයින් මාර්ගයද පළල් කිරිමට යෝජිතව ලකුනු කර ඇති ආකාරයක් දක්නට තිබේ.  කදවල බේස්ලයින් පාරේ ඕලන්ද කුලුණ මැදිකර මාර්ගය දෙපසින් ඉදිවන ආකාරයෙන් ඇවරිවත්ත මෙම ථෙතිහාසික කුලුනට හානි නොවන පරිදි දෙපසින් මාර්ගය ඉදිවන බව වාර්ථාවේ.
මෙම කුලුණ මුදුනේ නුග ගසක් (පැලයක්) වැවි අති අතර එහි මුල කුළුණ පහලටම ඇදි ඇති අකාරයක් ඡායාරුපයෙන් දැකියහැක.
කඩිනමින් බලධාරින් මෙම ගස ඉවත් කිරිමට පියවර ගතයුතුව තිබේ.
නැතහොත් කුලුණ ඉරිතලා හානි වියහැක.
නිසි බලධාරින් කටයුතු යොදනු ඇතයි  විශ්වාස කරමු
ඡායා සටහන – සුජාඉල් මුනියර්
.05.04.2014

tower 1tower 2