කුළුදුල් දියණිය මියයාමේ වරද පවුල් සෞඛ්‍ය සේවිකාවගේද ?

0
177

123දෙසැම්බර් 12 වෙනිදා මීගමුව රෝහලේදී සිය කුළුදුල් දරු
ප්‍රසූතියෙන් පසු නිරෝගී බිළිදෙකු බිහිකළ 23 හැවිරිදි මවක් අද උදෑසන ඉතා සෝචනීය ඉරණමකට මුහුණ දුන්නාය.
දළුපත සිරකඳවුර පාරේ පදිංචි සෙව්වන්දි රූපසිංහ සිය කුළුදුල් දියනිය බිහිකර ඇත්තේ දෙසැම්බර් 12 වනදා මීගමු රෝහලේදීය. දෙසැම්බර් 13 වනදා ඇය දරුවා සමඟ රෝහලෙන් නිවසට ගොස් ඇත. දෙසැම්බර් 17 වනදා වන විට බිළිදාගේ පෙකණියෙන් ලේ වහනය වන්නට පටන් ගෙන ඇත. පසුව ඔවුන් දරුවාගේ සෙූෟඛ්‍ය තත්ත්වය අයහපත් බැවින් විශේෂඥ වෛද්‍ය ලක්කුමාර මහතාට දරුවා පෙන්වා ඇත.
ඔහු ගේ උපදෙස් පරිදි වහාම දරුවා මීගමුව රෝහලට ඇතුළත් කර ඇති අතර මීගමුව රෝහලේ නොමේරෑ ළදරු ඒකකයේ දරුවා ප්‍රතිකාර ලබා තිබේ. නමුත් අද උදැසන මෙම දරුවා මියගියේය. මෙම මරණයට හේතුව ලෙස වෛද්‍යවරුන්ගේ මතය වී ඇත්තේ පෙකණියෙන් ඇතුල් වූ විෂබීජයක් හේතුවෙන් පෙනහළු වලට ඇතිවී ඇති ආසාදනයක් සිදුවී ඇති බවයි.
මෙම දරුවාගේ මරණයෙන් පසු එම පවුලේ ඥාතීන් ගෙන් වාර්තා වූෙය් සෙව්වන්දි සිය දරු ප්‍රසූතියෙන් පසු නිවසට ගිය පසු එක් දිනක් හෝ අදාළ පවුල් සෙූඛ්‍ය සේවා නිලධාරිණිය මෙම බිලිදා හා මව බැලීමට ඔවුන්ගේ නිවසට නොපැමිණි බවයි.පවුලේ අය දරුවා ලුබුණ බව ඇයට දුරකථනයෙන් දැනුම් දුන්න ද විවිධ හේතු දන්වමින් ඇය නොපැමිණි බව ඔවුන් පවසති. ඒ අනුව පවුල් සෞඛ්‍ය සේවිකාව විසින් පළවෙනි පසු ගමන සිදුකර නොමැත.
මෙවැනි යුගයකදී පෙකණියෙන් විෂබීජයක් ගොස් ළදරුවෙකු මිය යන්නේ ඉතාමත් කලාතුරකිනි. නමුත් අවාසනාවට සිදවූ ප්‍රමාද දෝෂය නිසා සෙව්වන්දිට ඇගේ කුළුදුල් දරුවා අහිමි විය.
වාර්තා වන අන්දමට මෙම කලාපය බාරව ඇත්තේ මීගමුව MOH කලාපයට වේ.