කෙසෙල් ඇවරියෙන් කොච්චිකඩේට තරග කර ඡන්ද 22 ක් ගත්තු කෙනෙක් මන්ත්‍රි වෙන්න දගලනවලු !

0
191

MEMBERS LISTමේ මැතිවරණයේ බොහෝ යහපත් ලක්ෂණ තිබුණද කළු ජාවාරම්කාරයන් බලන්නේ මෙහි ඇති සියළු හිල්වලින් රිංගා තමන්ගේ කළු සල්ලි ජාවාරම පහසුවෙන් කරගෙන  යා හැකි අයුරින් රු කෝටි ගණනින් ගෙවා හෝ මන්ත්‍රිධුර මුදලට ගෙන පුංචි ආණ්ඩු හැදිමටටය.
මේ නිසාම ලංසා මේ දිනවල සිය ඕස්ට්‍රෙලියාවේ සිටින පවුල බැලිමට යැම පවා කල් දමා මේ වන විට මන්ත්‍රිවරුන් මුදලට ගැනිමේ ජාවාරමක නිරතව සිටි.
මෙහි වඩාත් හාස්‍ය ජනක සිදුවිම වන්නේ කෙසෙල් ඇවරියෙන් තරග කර කොච්චිකඩේ පැත්තේ ඡන්ද 22 ක් පමණක් ගත්තු කණ්ඩායම් නායකයා යැයි කියන ඩෙක්ස්ටර් නැමැත්තා   ජාතික ලයිස්තු මන්ත්‍රිධුරය දෙන ලෙස කෙසෙල් හැවිරියේ නායකයා වන මෛත්‍රි ගුණරත්නගෙන් ඉල්ලා සිටිමය.
මේ රටේ සදාචාර සම්පන්න මැතිවරණ සංස්කෘතියක් ස්ථාපිත කිරිමට කටයුතු කරගෙන යන මාර්තු 12 වැනි ව්‍යාපාර මෙවැනි කරුණු ගැන බරපතල අවධානයක් යොමුකර  යුතුව තිබේ.

.