කෙහෙල් ඇවරියෙන් ඩෙක්ස්ටර් ගැලවෙයි?

0
175

කපිල්-1(6.53pm)එක්සත්  ජාතික  නිදහස්  පෙරමුණේ  කෙහෙල්  ඇවරියෙන්  මීගමුව  ආසනයට  පසුගිය  නගරසභා  මැතිවරණයේදී  තරඟ  වැදුනු  පොන්නම්පෙරුමගේ  ප්‍රෙඩී  ඩෙස්ටර්  ප්‍රනාන්දු  එම පක්ෂයෙන්  ඉවත්කළ  බව  වාර්තා වේ.   පසුගිය  එම  මැතිවරණයේදී  මෙම  පුද්ගලයා  වැඩියෙන්  දැවටෙමින්  සිටියේ  පොහොට්ටුවේ  සුවඳ  ඉව කරමින්ය. කෙසේ නමුත්  මෙය  සත්‍ය  තොරතුරක්  දැයි  විමසා  බැලීම  සඳහා  මෙම  පක්ෂයේ  මීගමුව  සංවිධායක  කපිල නන්ද  සුලෝචන  මහතාගෙන් විමසුවෙමු.

මේ  කථාව  ඇත්තක්ද?

ඔව්,  එහෙම  දෙයක්  තියෙනව.  අපේ  පක්ෂයේ  විනයට  අනුව  එක්  අවස්ථාවක  ඔහුට  විරුද්ධව  විනය පරීක්ෂණයක්  තිබුන. එහිදී  ඔහු  වැරැද්ද  පිළිගත්  නිසා  සමාව  ලැබුන.  නමුත්  නැවත   දෙවන  වරටත්,   කළ  වැරැද්ද  නිසා  ඔහු  පක්ෂයෙන්  ඉවත්කළ  බවටයි  ආරංචිය.

එවිට  පක්ෂ  සාමාජිකත්වය  සමඟ  මන්ත්‍රීධූරයත්  අහෝසි  වෙනවද?

පක්ෂයක  සාමාජිකත්වය  අහෝසි වුනාට  පස්සෙ  මන්ත්‍රීධූරයත්  අහෝසි  වෙනව.  දැනටමත්  මැතිවරණ  කොමසාරිස්  තුමා  මේ පිළිබඳව  නීතිමය  කටයුතු  කරමින්  තමයි  ඉන්නෙ.