ඉතිහාසය තුළ තිබුනු මීගමුව නගරයේ සිත් අැදගන්නා සුළු චිත්‍රය අද මැකීයමින් පවතී . අද මතුවෙමින් පවතින්නේ බොඳවූ චිත්‍රයකි.
මවක් තම දරුවන් පිළිගන්නාක් මෙන් කිසිදු උස් පහත් භේදයකින් තොරව මෙම පිට්ටනිය විසින් පිළිගන්නා බව අපි දනිමු . ජුපිටර්ස් වැනි ප්‍රසිද්ධ ක්‍රීඩා සංගම්වල සිට ගමේ කොල්ලන් කුරුට්ටන්ට පැමිණ තම හැකියාවන් , දක්ෂතා ඔප මට්ටම් කර ගැනීමට ඉඩ කඩ සකසා ගත් ස්ථානයකි මේ.
අතීතයේ තම ඉඩකඩම් පොදු සමාජය වෙත පරිත්‍යාග කළ පාලකයින් සිටි බව අප අසා ඇත්තමු. නමුත් අද සිදුවන්නේ එහි අනෙක් පැත්තය. පොදු ස්ථාන සොයා ගොස් එකී ස්ථාන වල කුමක් හෝ අටවා තම මඩිය තර කර ගැනීම ඒ අයගේ ප්‍රතිපත්තියයි.
මීගමුව නගරයේ තමන් සතු සියළු දෑ පොදු සමාජය වෙනුවෙන් කැපකල නගරාධිපති රාජපක්ෂ මැතිඳුන්ගේ පරපුරේ සිට මෑත කාලීන ලංසා පරපුර දක්වා අපට කියාදෙන පාඩම එයයි .
මීගමුව නගරයෙන් මතුවූ කිසිදු ක්‍රීඩකයෙකු මෙම පිට්ටනිය නොපෑගූ බව පවසයි නම් එය ඇත්තක් නොවන බව කිවයුතුය . මීගමුවේ ප්‍රධාන පුරවැසියාටද එය සාධාරණය . නමුත් මෙම පිට්ටනි වල්බිහිවී ගරා වැටෙන්නට ඉඩ හැදෙන අතර තමන්ට වාසි ලැබෙන පිට්ටනි පමණක් පිරිසිදු කර , විදුලිය සපයා නඩත්තු කිරීමට මේ මහත්වරු පසුබට නොවන බව පැහැදිළිය.
දශකයකටත් වැඩි කාලයක් මිගමුව පාලනය කළ ලංසා පාලනයේ අසාර්ථකත්වය මනින්නට කොටුව පිට්ටනියට මේ සිදුකර ඇති විනාශයම ප්‍රමාණවත්ය.
මිගමුවේ සෙල්ලම් පිට්ටනි තිබුනේ ලංසා පවුලේ හිතවතුන්ට අමතර අදායම් ලබාගැනිමට මිස ක්‍රිඩකයන් වෙනුවෙන් නොවේ.
කොටුව පිට්ටනිය වැනි ප්‍රධානතම ක්‍රිඩා පිටියක් අද මේ තත්වයට පත්ව ඇත්තේද එ නිසාමය.