කොටු දැල් ධීවරයන් නිසා අසරණ වන තෙප්පම් ධිවරයන්ගේ අදෝනාව ?

0
213
sdr
sdr
මීගමුව වෙරළ තිරය තුල දැනට දශක ගණනාවක පටන් ක්‍රියාත්මක කොටුදැල් පන්න ක්‍රමය හේතුවෙන් මේ දිනවල තෙප්පම් ධිවරයන් මහත් අර්බුදයකට මුහුණ දි සිටි.

කොටුදැල් යනු කුඩා ප්‍රමාණයේ යාන්ත්‍රික බෝට්ටු ආධාරයෙන් දැල් කොටුවක ආකාරයෙන් රදවා බෝට්ටුවේ ඉන්ජිම වේගයෙන් ක්‍රියාත්මක කරමින් රවුම් යමින් මුහුද කලත්තා එහි වන කුඩා මසුන් දැලට කොටුකරලිමට පියවරගැනිමයි.
මේ හේතුවෙන් විශාල මසුන් ප්‍රමාණයක් මේ කොටුදැල් රැකියාකරුවන් හට අල්ලා ගැනිමට හැකිවේ.
විශේෂයෙන්ම මේ දිනවල සුඩයා මසුන් කිලෝ 300-500 අතර ප්‍රමාණයන්ගෙන් මේ කොටුදැල් රැකියාකරුවන් හට අල්ලාගැනිමට හැකිව තිබේ.
මේ නිසා තෙප්පම් රැකියාකරුවන් හට අල්ලාගැනිමට හැකිවන මසුන් ප්‍රමාණය අඩුවනවා  පමණක් නොව විශාල ප්‍රමාණයෙන් සුඩයා වැනි මසුන් ලෙල්ලමට රැගෙන ඒම නිසා එහි මිළ පහලයාමද තවත් අතකින් බලපා තිබේ.
මේ නිසා මේ දිනවල සුඩයා කිලෝවක් රු 50 ට ගොස් ඇත්තේ මේ හේතුවෙනි.
මේ නිසාදැන් තෙප්පම් ධිවරයන් අමාරුවන් අල්ලාගෙන එන කිලෝ කිපය පවා වෙළද පලේ අඩමිළකට අලෙවි කිරිමට සිදුව තිබේ
සෑම දිනකම අළුයම 3 ට පමණ රැකියාවේ යන මේ තෙප්පම් ධිවරයන් පැය 4 ක් පමණ මුහුදේ රැකියාව කරති.මේ තත්වය පිළිබදව මීපුරට සිය අදෝනාව කියා සිටි තෙප්පම් ධිවරයෙකු වන නෝබට් මහතා සිටියේ මේ තත්වය ගැන සියළු බලධාරින් තවමත් නිහඩ බවය.

sdr