කොච්චිකඩේ ,දළුපත,පෙරියමුල්ල ප්‍රදේශවල ඩෙංගු පරීක්ෂාව දිගටම

0
95

පසුගිය දින වල පැවති වර්ෂාව හේතුවෙන් ඩෙංගු  පැතිරයාමේ  අවධානමක් තිඛෙන අතර  මේ සම්බන්ධයෙන් මීගමුව  MOH ( මහජන සෞඛ්‍ය ) කාර්යාලය පවසන්නේ මීගමුව තුළ ඩෙංගු රෝගීන් විශාල වශයෙන් වැඩවීමක් පෙන්නුම් නොකරන බවයි.
සැප්තැම්බර් මාසයේදී  මීගමුවේ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන ගණන 39කි. ඩෙංගු ව්‍යාප්තවීම පාලනය සදහා දිගටම ශ්‍රමදාන හා දැනුවත්කිරිම් මෙන්ම නිවාස පරීක්ෂාවන් සිදුකරන  බවත් අද සහ හෙට       පෙරියමුල්ල,කුඩාපාඩුව,කොච්චිකඩේ  දළුවකොටුව යන ප්‍රදේශ වල නිවාස පරීක්ෂාව සිදුකරන බව මීගමුව  පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සදහන් කර සිටියේය.