කොච්චිකඩේ කුණු වලට ගිණි තිබ්බේ කව්ද ???

0
46

NMC-lorryමීගමුව නගරයේ සියළු කුණු බැහැර කරනු ලබන කොච්චිකඩේ ඔව්ටියාවත්තේ කුණු වල පෙබරවාරි මස 4 වෙනිදා සිට ගිණි ඇවිලෙමින් තිබෙන බවත් එය නිසියාකාරව නිවා දැමිමට මහනගර සභාවේ අදාල බලධාරින් හෝ ගිනි නිව අංශය කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැතැයි චෝදනා කරති.
ගිනි නිවන අංශයේ ඇතැම් නිළධාරින් දැනටමත් මැතිරණ ප්‍රචාරක කටයුතු වලට වරින් වර සම්බන්ධ වෙමින් සිටින බවද සැලය.
මේ සම්බන්ධයෙන් අප වෙත දැනුම් දිමක් කරමින් ගිනි නිවන අංශයේ ප්‍රධානි සමන් මහතා පවසා සිටියේ කුනු  එම කුණු වලේ ගින්න නිවිම සදහා පෙබරවාරි 05 වනදා සිට තම ගිනි නිවන අංශය කටයුතු කළ බවය.එහෙත් එවන් අවස්ථාවකදි අදාල ස්ථානය කරා ලගාවිම සදහා පාරවල් සහ අදාල කාරණා ගැන මීගමුව මහජන සෞඛ්‍ය අංශයේ බලධාරින් විසින් නිසි ක්‍රියාමාර්ග ගෙන තිබිය යුතු බවය.
කෙසේ වෙතත් මේ ගින්න හට ගෙන  ඇත්තේ කෙසේදැයි තවමත පැහැදිලි නැත.
බලධාරින් පියවර නොගැනිමේන හැඟවෙන්නේ මෙම කුණු වල ගිණි ගැනිමට අදාල ව සැකයක් මතුව ඇති බවය.
එනම් කුණු වලට ගිණි තබන්නට ඇති බවය.
එසේ නම් එය සිදුවිය යුත්තේ මහනගර සභාවේ අදාල බලධාරින්ද දැනුවත්වද ???