කොච්චිකඩේ දී, හඳුන් දිවියෙකු කොටු වෙයි ..

0
521

ඊයේ (2013/02/09) උදෑසනදී මෙම හදුන් දිවියා කොටු වුයේ කොච්චිකඩේ , දූවන දේවස්ථාන පාරේ (ද්ධවූ තී්‍රත්ව දේවස්ථාන පාර ) අංක 30 දරණ නිවස පිටුපස ප්‍රදේශයට පැමිණි අවස්ථවකදීය.
එම නිවස අයත් අයිලස් ප්‍රනාන්දු මහතා එම නිවස පිටුපස සු
ළු පරිමාණයෙන් සත්ව ගොවිපලක් පවත්වා ගෙන යන අතර පසුගිය දෙවසර මුලූල්ලේදීම එම සත්ව ගොවිපලේ ඇති කරනු ලබන එඵවන්, තාරවන් සහ කඵකොං වැනි සතුන් හැටි හැටියේම නැති වී තිබුනී.
පසුව කල සොයා බැලීම් වලදී එම නැති වූ සතුන්ගේ සිරුරු කොටස් නිවස පිටුපස ඇති වන ගත ප්‍රදේශයකදී හමු වී ඇත
. ඒ අනුව දැනට සති දෙකකට පමන පෙර එක් දිනකදී මෙම ගොවිපලේ ඇති කල තාරාවන් දෙදෙනෙකුම හිටි හැටිහේම නැති වී තිබේ..
එම හේතුවෙන් ගොවිපල පවත්වා ගෙන යන අයිලස් මහතා එම ගොවිපල ආසන්නයේම ජීවත් වන ජුඩ් ප්‍රනාන්දු මහතාට මේ බව පවසා තිබේ
. ඒ අනුව ජුඩ් මහතා දැනට සති 02 කට පමන පෙර සිට විශේෂ යකඩ පෙටිටියකට උගුලක් අටවා තිබුණි. සවස 6.30 ට පමන අටවන මෙම උගුලට සති 02 ක පමන කාලයක් ගෙවුනු පසු මෙම හදුන් දිවියා අල්ලා ගැනීමට හැකිව තිබේ.
මෙම විශේෂිත උගුල නිසා හ
දුන් දිවියාට කිසිදු තුවාලයක් සිදු වී නොමැති අතර මේ පිලිබදව අයිලස් ප්‍රනාන්දු මහතා විසින් ගම්පහ වන ජීවී කාර්්‍යාලයේ නිලධාරීන්ට දන්වා ඇත.
ඒ අනුව මෙම හ
දුන් දිවියාව මුතුරාජවෙල රක්ෂිතයට මුදාහැරීමට නියමිතය. මීට වසර 02 කට පමන පෙර දූවන ප්‍රදේශයේදීම හදුන් දිවියෙකු මෙලෙස අල්ලා ගෙන තිබුණි. එලෙසම මීට මාස 06 කට පමන පෙර කට්ටුව ප්‍රදේශයේදී ද හදුන් දිවියෙකු අල්ලා ගෙන තිබුණු අතර මෙම හදුන් දිවියන් තිදෙනාම අල්ලා ගනු ලැබුවේ ජුඩ් ප්‍රනාන්දු මහතා විසින් වීම ද විශේෂත්වයකි.