කොච්චිකඩේ නගරසභාවේ ”පගා කුමාර” අතේ මාට්ටු ?

0
110

briberyකොච්චිකඩේ නගර සභා කාර්යාලය එහෙම පිටින්ම පගාකරුවන්ගේ තිප්පොලක් බවට පත්වඇතැයි වාර්ථා වේ.
පසුගිය දිනක එහි ගිය මාධ්‍යවේදියෙකුට දැනගන්නට ලැබි තිබෙුනේ මෙසේ පගාව දිමට පොරොන්දු වන මුළු මුදලම එක සැරේ දිමට අපොහොසත් වන්නේ නම් ඉතිරි මුදල ගෙනවිත් දෙන තෙක් ජාතික හැදුනුම් පත රදවා තබාගැනිමට පවා මේ පගාකරුවන් කටයුතු කරන බවය.
කොච්චිකඩේ කාර්යාලයේ සේවකයෙකු වන කුමාර නැමැත්තා පසුගිය සතියේදි එක්තරා කාන්තාවක් සදහා වැඩක් කරදෙන්නට නම් රු 20000 ක් ඇවැසි බව පවසා තිබුණි
එහදි ඇය විසින් රු 10000 ක් කුමාර වෙත ලබා දි ඇත.
ඉතිරිය දෙන තෙක් ඔහු විසින් ඇගේ හැදුනුම්පත ඇපයට තබාගන්නට අවැසි යැය කිමත් සමගින් ඇය විසින් මම වෙනවැඩකට අරන්තියාගෙන හිටපු 8000 ක් තියෙනවා එහෙමනම් එකත් ගන්නකො කියා රු 18000 ක් කුමාර නැමැත්තා වෙත ලබා දි තිබේ.
එපමණක් නොව එදිනම තවත් බොහෝ අයගෙන් මේ කුමාර නැමැත්තා මුදල් ලබාගෙන තිබේ.
කෙසේ වෙතත් ඔහු විසින් නගර සභා මන්ත්‍රිවරයෙකු හිතවත් පිරිසක්ගෙන්ද වැඩක් කර දිම සදහා රු 25000 ක් ඉල්ලා සිටිම නිසා තවත් බරපතල වන්නට පටන් ගෙන තිබේ.
කෙසේ වෙතත් අදාල මන්ත්‍රිවරාය විසින් කුමාර නැමැත්තාව ඇමතිමෙන් පසු රු 100 ක් වත් නොගෙන වැඩේ කරදි ඇතැයිද වාර්තා වේ.