කොච්චිකඩේ පාලමේ පදිකයින්ගේ තීරුව හදන්නේ කවදාද ?

0
167

pedestrian-clipart-dT7ezAybcකොච්චිකඩේ නගරය පසුකර තෝප්පුව දෙසට හැරෙන විට හමුවන කෝච්චිකඩේ  පාලමේ දෙපස ඇති පදිකයින් සදහා තිබූ මංතීරුව   දැනට වසරකට  ඉහතදී වසා දමා ඇත්තේ නඩත්තු කටයුතු සදහා බවට දැන්වීමක් ද සවිකරමිනි.
කොච්චිකඩේ පාලම දෙපස පයින් යන අයට පාවිච්චි කිරීමට තිබූ මාර්ගය  ඉතාම ආරක්ෂාකාරී ලෙස මගීන්ට යාමට පහසු මං තීරු දෙකක් වූ අතර පාලම හරහා මාර්ග තුනකින් එන වාහන ගමන් ගන්නා හෙයින් මෙම ස්ථානය නිතරම අවහිර සහිත මාර්ගයකි.
වාහන තදබදය තිබෙන වේලාවල් වලදී කෙසේවත් පයින් ගමන් කරන්නන් හට පාලම මැදින් ගමන් කිරීම  සුදුසු නොවේ.
තතු එසේ තිබියදී කොච්චිකඩේ පාලම දෙපස පදිකයින් සදහා ඇති මංතීරු සෑදීම මෙතරම් පමාවීම  මගීන්ට සිදුකරන අවහිරයකි.
මෙය වඩාත් මරාන්තික වි ඇත්තේ රාත්‍රි කාලයේදි මේ පාලම මත කිසිදු විදුලි අලෝකයක් නොමැතිවිම නිසාය.
මේ අවධානම් තත්වය ගැන අදාල බලධාරින් කීපවිටක්ම දැනුවත් කළද කිසිදු ප්‍රථිපලයක් නැත