කොච්චිකඩේ පොළ ටෙන්ඩර්කරුවන් පිරිසකගෙන් නගරසභා පාලනයට චෝදනා ?

0
79

stock-vector-vector-of-thief-stealing-laptop-computer-from-office-11710837කොච්චිකඩේ ප්‍රදේශයේ බදාදා පොළ ටෙන්ඩරය පිළිබදව මුලදිම ගැටළු මතුව තිබුනේ එය පසුගිය කාලය තුල පවත්වාගෙන ගිය දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් භූමිය නැවත එය පවත්වාගෙන යාමට ලබාදිමට නොහැකි යැයි කියා සිටිමිත් සමගින්ය.
මේ පිළිබදව දැන දැනත් මීගමුව මහනගර සභාව විසින් යළිත් ටෙන්ඩර් දැමිමට කටයුතු කර තිබුණි.
ඒ අනුව ටෙන්ඩර්කරුවන් හට දන්වා තිබුනේ ඇතිව තිබෙන තත්වය හමුවේ බදාදා පොළ පැවැත්විය යුතුව ඇත්තේ කොච්චිකඩේ ඉරිදා පොළ පවත්වාගෙන යනු ලබන කොච්චිකඩේ නගර සභා භුමීයේ බවය.
මේ හේතුව නිසාම පොළ ටෙන්ඩරයට ඉදිරිපත්විමට නියමිත සිටි ටෙන්ඩර්කරුවන් රැසක් ටෙන්ඩරය සදහා ඉදිරිපත් නොවි සිටියහ.
මේ පසුබිම යටතේ 2016 සහ 2017 වසර සදහා ටෙන්ඩරයට හිමිව තිබුනේ කොන්ක්‍රිට් සැපයුම්කරුවෙකු වෙතය.
දැන් ගැටළුව මතුව ඇත්තේ මේ  තැනැත්තා විසින් දැන් පොළ ක්‍රියාත්මක කරමින් සිටින්නේ කොච්චිකඩේ පොළටෙන්ඩරය කලින් ක්‍රියාත්මක කළ දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඉඩමේමය.
මේ නිසා කලින් ටෙන්ඩර ඉල්ලිමට බලා සිටි ටෙන්ඩර්කරුවන් කියා සිටින්නේ නගර සභාව විසින් තමන්ව නොමග යවා ඇති බවය.