කොච්චිකඩේ මගි බස්මගී ආවරණයට බාධා කරන්න ගිය රාජපක්ෂගේ ගෝලයෙකුට වැඩවරදි !

0
43
kochikade bus halt
අලුතින් ඉදිකළ බස්නැවතුම

කොච්චිකඩේ නගරයේ වසර ගණනාවක සිට පැවැති බස්මගි ආවරණයක් පැවැති රාජපක්ෂ සමයේ වෙනත් තැනකට ගෙනගොස් තිබුනේ මගි ජනයාට තවත් අපහසුතා ඇතිකරමිනි
එයට හේතුව වි තිබුනේ නගරයෙන් තවත් ඈතකට මේ බස්මගි අවාරණය ගෙන ගොස් තිබුණ බැවිනි.මේ තත්වය ගැන සලකා බැලු කොච්චිකඩේ පොලිසියත් මාර්ග සංවර්ධන අධිකාරියත් එකි බස්නැවතුම කලින්ම පැවැති ස්ථානයේ යළිත් ස්ථාපිත කර තිබුනේ දැනට දින කිපයකට පෙරය.
එයට එරෙහිව වහා ක්‍රියාත්මක වු රාජපක්ෂ ආධාරකරුවෙකු  වලව්වේ ජුඩ් නැමැත්තා බස් මගි ආවරණයට පිටුපසින් තම නිවසට ඇතුළුවිම සදහා අලුතින් ගේට්ටුවක් රාත්‍රිකාලයේ ඉදිකරමින් තිබුනේ ස්ථාපිත කළ නව බස් මගි අවාරණය තමන්ගේ නිවසේ පිවිසුම අවහිර කරනවා යැයි කියමින් එය ඉවත් කරදමන්නට සැලුසුම්කිරිම පිණිසය. මේ තත්වය හමුවේ වහා ක්‍රියාත්මක වු කොච්චිකඩේ පොලිසිය ජුඩ් නැමැත්තාට අයත් මේ අලුත් ගේට්ටුව නිර්මාණය කිරිමට යොදාගත් බැකෝ යන්ත්‍රයද සමගින් අත්අඩංගුවට ගෙන තිබුණි