කොටදෙණියාව පාසැල් සිසුවාට ඇප ලබාදිමට පොලිසිය එරෙහි වෙලා…

0
79

handcuff_0_2පසු ගිය දා කොටදෙණියාව අකරංග ගහ ප්‍රදේශයේදී ඝාතනයට ලක් වු ආන්දොලාත්මක සිද්දියක් වන සේයා දැරියගේ ඝාතනය සම්බන්දයෙන් සැක පිට අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැක කරුවන් දෙදෙනාට ඇප මත මුදා හැරිමට කොටදෙණියාව පොලීසිය විරුද්ධ විය
එම නිසාඅදි ( 28 ) දින සැක කරුවන් ඇප මත මුදාහැරිමට විත්තියේ නීතිඥ මහතුන් කල ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් මිනුවන්ගොඩ ප්‍රධාන මහෙස්න්‍රාත් ඩි. ඒ. රුවන් පතිරණ මහතා ලබන ඔක්තොම්බර් 2 දා ඩි.එන් .ඒ. වාර්ථාව සමග සැක කරුවත් ඉදිරිපත් කරණ ලෙස කොටදෙණියාව පොලීසියට නියෝග කලේය.
සැක කරුවන් දෙදෙනා වෙනුවෙන් නිමල් රණතුංග, තරංග වීරසිංහ, උපුල් ප්‍රේමරත්ත යන නිතිඥවරුන් පෙනී සිටිමින් සැක කරුවන් දෙදෙනා ඇප මත මුදාහරින ලෙස ඉල්ලමින් කරුණු ඉදිරිපත් කලේය.
මෙහි එක් සැකකරුවෙක් පාසල් ශිෂ්‍යයෙක් මේ  ලමයාව අත් අඩංගුවට ගෙ ඇත්තේ ප්‍රමාණවත් සාක්ෂි නොමැතිව,මනුෂ්‍ය ඝාතනයක් සම්බන්දවයි.
පොලිසිය කියනවා ලැප්ටොප් පරිගනකයේ තිබු දත්ත හා අම්මා විසින් දරුවා පිලිබද හෙලි කල දගකාරකම් කීපයක් නිසා මෙම ශිෂ්‍යයව අත්අඩංගුවට ගත් බව.
පොලිසිය පරික්ෂන කටයුතු මෙහෙය විමේදි සැකකරු පාසල් ශිෂයෙක් බව අමතක කරලයි කටයුතු කරලා තියෙන්නේ.
පොලිසියේ ක්‍රියා කලාපය නිසා ළමයාගේ මුළු ජිවිතයම අදූරු වෙලා පවුලම සමාජයටම මුහුණ දෙන්න බැහැ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවයි කොටදෙණියාව පොලිසියයි අද කබ ඇදිල්ලක පැටලිලා සිටිනවා මෙම නඩුවේ ප්‍රධාන පාර්ශවකරුවන් මත අපරාධ පරික්ෂන දෙපාර්තමේන්තුව අද පැමිණ නැතිකමින්ම එය පේනවා
මෙම සිද්දියේ නියම වරද කරු මේ දිහා බලලා දැනට හිනා වෙමින් ඇති මෙම අධීකරණය ඇප ලබා දීමෙදී අභිමතය ක්‍රියා කල හැකිය අපරාධ නඩු විධාන සංග්‍රහයේ 153/3 උප වගන්තිය ප්‍රකාර මහේස්ත්‍රාත් වරයෙකුට මෙම බලය පැවරෙනවා මෙවැනි අවාසනාවන්ත සිද්දිය නිසා අධීකරණයට කළු පැල්ලමක් ඇති වෙනවා එබැවින් ඔබ තුමාගෙන් කාරුණිකව ඉල්ලන්නේ බැළු බැල්මට මෙම සැකරුවන් නිර්දොෂි බැවින් සැක කරුවන් ඇප මත මුදා හරින ලෙසය
කොටණියාව පොලිස් ස්ථානාධීපති ප්‍ර පො ප උයද කුමාර මහතා අධීකරණය අමතමින් මෙම සිද්දිය සම්බන්දයෙන් මුල සිටම කටයුතු කලේ මමයිී. මෙම සිද්දිය සම්බන්ද සැකකරු වන පාසල් ශිෂ්‍යයා ගැන ඒ ළමයාගේ මව පවසා සිටියේ මේ දරුවා නොමනා ළමයි සමග ඇසුරු කරන බවත් බොහො දින රෑ බෝවි නිවසට පැමිණෙන බවත්ය
තව දූරටත් ඔහු සන්තකයේ නිබු පරිගනකය දත්ත අතර අසභ්‍යය දර්ශන තිබු බවත් මේ මිය ගිය දැරියගේ ජායාරූප නිබුණු බවත් මේ සැකකරුට මිය  ගිය දැරියගේ පියා ඉංග්‍රිසි උගන්වා තිඛෙනවා මෙවැනි කරුණු කීපයක් පදනම් කර ගෙන ඔවුන් අත් අඩංගුවට ගත් බව පැවසීය
විත්තියේ නීතිඥ මහත්වරුන් නැවත අදහස් දක්වමින් මෙවැනි පදනමක් මත  කරුණු ඉදිරිපත් කරමින් මනුෂ්‍ය ඝතනයක් සම්බන්දව පාසල් ශිෂ්‍යෙයක්  අත් අඩංගුවට ගැනීම එම දරුවාට හා පවුලේ අයට කෙතරම් අගතියක් වෙනවා දැයි පොලිසිය සිතනන්නට තිබුනා යැයි පැවසීය
දැන් දෙපාර්ශවයම එකගතාවයකට පැමිණ සුදූසු තීරණයකට පැමිණ එන්න.
ඩි. එන්. ඒ. වර්ථාව නොමැතිව ඇප මත මුදාහැරිමට පොලිසිය විරුද්දව වෙනවා එබැවින් කඩිනම් දිනයක් දමාගෙන ඩි. එන්. ඒ. වර්ථාත් ලබා ගනිමු.
මේ අනුව දෙපාර්ශයේම එකගතාවය මත ඔක්තොම්බර් 2 දින නැවත නඩුව කැදවිමට නියම කරමින් සැක කරුවන් එදින දක්වා රක්ෂත බන්දනාගාර ගතකිරිමට ප්‍රධාන මහේස්ත්‍රාත් වරයා නියොග කලේය
ප්‍රියපේම මානික්කරත්න