සේයා සදෙවේමි දියණියගේ ඝාතන පරීක්ෂණ අවුල් සහගත තත්වයට පත්වීමත් සමග කොටදෙණියාව පොලිසියේ ක්රියාකලාපය පිළිබදව පසුගිය දිනවලදී සමාජයේ දැඩි ලෙස කතාබහට ලක්විය. ඒ කතාබහ කොතරම් ප්රබලවීද යත් මීට පෙර එතරම් හුරුපුරුදු පොලිස් ස්ථානයක් නොවූ කොටදෙණියාව පොලිසිය මේ වන විට දිවයිනේ ජනප්රියම පොලිස් ස්ථානය බවට පත් වී ඇති බවට නිසැකය. කොටදෙණියාව පොලිසියේ ක්රියාකලාපය පිළිබදව මුහුණුපොත ඔස්සේද වැඩිවශයෙන් අදහස් උදහස් හුවමාරු වූ අයුරු දැකගත හැකි වූ අතර ඒ අලලා නිර්මාණය කෙරුණු කාටූන් ගණනාවක්ද මුහුණු පොත ඔස්සේ හුවමාරු වෙමින් පවතී. සේයා ඝාතනය කළේ කොණ්ඩයාගේ අයියා බව දැන් තහවුරු වී ඇතැයි කියන පසුබිමක පවා මුහුණු පොත ඔස්සේ තවමත් හුවමාරු වෙමින් පවතින රසවත් නිර්මාණ කිහිපයක් පහත දැක්වෙයි.