කොට්ටාශ වලින් 3/2 ක ජය එජාපයට ! ජනමතය කළු සල්ලිවලට පවාදෙන්නන්ට එරෙහිව ප්‍රබල විරෝධයක් ගොඩනැගෙමින් තිබේ.!

0
166

DSC_0006new(6.00am ) මෙවර පළාත් පාලන මැතිවරණයෙන් අති විශිෂ්ඨ ජයක් ලැබිමට එජාපය සමත්ව අැත්තේ මෙවර මැතිවරණ ක්‍රමයේ ප්‍රධානතම පදනම වු කොට්ටාශ ක්‍රමය යටතේ වාර්ථා ගත 3/2 ක ජයක් හිමිකරගැනිමත් සමගින්ය.
එනම් කොට්ටාශ 29 න් කොට්ටාශ 19 ක් දිනාගත්තේ එජාපය විසින් ඉදිරිපත් කර තිබුණ අපෙක්ෂක අපෙක්ෂිකාවන් විසිනි.
මේ අනුව නගරයෙ 70 කටත් වඩා වැඩි කලාපයක බලය පතුරුවා ගැනිමට එජාපය සමත්ව තිබේ.
පොහොට්ටුටවට හැකිව තිබුනේ තලාහේන පේරුවෙන් මන්ත්‍රිධුර 4 ක් සහ නගර පරිවාරයේ ඇති තවත් කොට්ටාශ 3 ක් පමණක් ජයගැනිමටය.
මේ අනුව ප්‍රධාන නගරය පිහිටි කොටසේ සියළුම කොට්ටාශ දිනාගැනිමට එජාපයට හැකිව තිබේ.
ඉන් කියැවෙන්නේ කුමක්ද ?
දශකයකටත් වැඩි කාලයක් නගරයේ කොට්ටාශවලට රාජපක්ෂ සහ ලංසා පවුල විසින් සිදුකරන ලද විනාශයට පැහැදිලි දැනෙන පිළිතුරක් මෙවර ඡන්ද දායකයන් විසින් ලබාදි තිබුණ බවය.
තතු එසේ වුවද පවතින මැතිවරණ ක්‍රමයේ ඇතැම් දුර්වලතාද හේතුකොට ගෙන මේ වන විට නගර සභාවේ තනි බලයක් පිහිටුවාලිමට එජාපයට නොහැකිව තිබේ.
එහෙත් එය ඉතාමත් පහසුවෙන් කළ හැක්කේද එජාපයම පමණි.
මේ සදහා දැනටමත් ශ්‍රිලනිපයේ මීගමුවේ සමසංවිධායකයන්ගේ එකගතාවය පළව තිබේ.එහෙත් දැනට කොළඹ කේන්ද්‍රිය දේශපාලනය තුල ඇති විවිධ හැලහැප්පිම් නිසා ඉහල මට්ටමින් මේ සදහා කොළ එළි දැල්විමේ යම් පමාවක් පවති.
එබැවින් දැන් ඇත්තේ කාලය පිළිබද ගැටළුවකි.
තතු එසේ වුවද මේ ජනතා ජයග්‍රහණය ජාවාරම්කාර කළු සල්ලි හරහා මංකොල්ල කෑම සදහා වන විවිධ උත්සාහයන් දැනටමත් ක්‍රියාත්මකය.
රු ලක්ෂ 50 හේ සිට අවැසි නම් කෝටි 2 ක් වුව ලබා දි මන්ත්‍රින් මිලට ගෙන නගර සභාව පිහිටුවිමට ලංසා පවුල මේ වන විට කැස කවමින් සිටි.
එහෙත් මේ කුමන්ත්‍රණකාරි සැලැසුමට එරෙහිව දැනටමත් ප්‍රබල ප්‍රතිවිරෝධතාවන් මතුවෙමින් තිබේ.
නිමල් ලංසා කාලයක් තිස්සේ දේශපාලනිකව නඩත්තු කළ ශ්‍රිලනිප මන්ත්‍රි ෆරිස් ට එරෙහි දැනටමත් මතුවෙමින් ඇති මුස්ලිම් ජනසමාජයේ විරෝධය නිසා ෆරිස් දැන් සිටින්නේ දෙලොවක් අතරය.
මහින්ද රාජපක්ෂව අරහන් ව ඇති මුස්ලිම් සමාජයට පිටුපා ෆරිස් ලංසාගේ දෑත් ශක්තිමත් කරන්නේ නම් එය ඔහුගේ සදාකාලික විනාශයම වනු ඇත.
එපමණක් නොව ෆරිස් මන්ත්‍රිවරයාද ලේ වලින් සහතික කොට ඇත්තේ කිසිදු දුෂිත වැඩපිළිවෙලකට සහය ලබානොදෙන බවය.
මුසල්මානුවන් යනු ආගම හැම විටකම අංක එකේ තබා කටයුතු කරනු ලබන ජන කොටසකි.තතු එසේ වුවද ෆරිස් විසින් මේ සියල්ල මුදලට පවා දිමට සුදානම් වෙමින් සිටිද ?
එමෙන්ම ශ්‍රිලනිපයේ සි්‍යළුම අපෙක්ෂකයන් සියල්ලෝම මේ අකාරයෙන් ලේ වලින් සහතික කර ඇත්තේ දුෂණය හා වංචාවට එරෙහිව කටයුතු කරන බවය.
මේ අනුව මේ ලේ පොරොන්දුවට එරෙහිව කිසියම් අයෙක් ලංසා පිළ හා එක්වන්නේ නම් එයට එරෙහිව දැවැන්ත විරෝධයක් සමාජය තුලින් එල්ලවිම නොවැලැක්විය හැකි යථාවක්ව පවති.
මීගමුවේ බලය කුඩු සල්ලිවලින් යටකිරිමට ලංසා පවුල විසින් ක්‍රියාත්මක කර ඇති මෙහෙයුමට එරෙහිව මීගමුවේ ප්‍රගතිශිලි පියතුමන්ලාද මේ වන විට පෙළගැසිම ආරම්භ කර තිබේ.
මේ අනුව මීගමුව මහනගර සභාවේ බලය ඇල්ලිම මේ වන විට පොහොට්ටුවේ අයට දවසින් දවස දුරයමින් ඇති සිහිනයක් පමණක් වෙමින් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here