කොටි ලේබලය අලවන්නට හැදූ මානව හිමිකම් ක්‍රියාධරයන් නිදහස්

0
50

ත්‍රස්ත විමර්ශන ඒකකය (TID) විසින්  මාර්තු 16 වනදා  ලංකාවේ ප්‍රකට මානව හිමිකම් ක්‍රියාධරයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන  19 වනදා තෙක්  ප්‍රශ්න කරමින් රදවාගෙන සිටී  සිටි අතර ඔවුන්ව 19 වනදා(ඊයේ) මධ්‍යම රාත්‍රියේදී  නිදහස් කර ඇත. මෙසේ රදවා තබාගෙන සිටියේ, සාමය හා සංහිඳියාව පිළිබඳ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ  ප්‍රවීන්  පියතුමා සහ ප්‍රබල මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු වූ රුකී ප්‍රනාන්දු යන දෙදෙනාය.  කිලිනොච්චියේදී අත්අඩංගුවට ගැනුණ මානව හිමිකම් ක්‍රියාකාරිණිය සහ ඇගේ දියණිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා කිලිනොච්චියට ගොස් සිටි අවස්ථාවේදී මොවුන් මෙසේ අත්අඩංගුවට ගැණුනි.
ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් 19 වනදා තෙක්  ඔවුන් වෙත ත්‍රස්තවාදයට සහයෝගය දැක්වීම මත චෝදනා එල්ල කරමින් දිගින් දිගටම රඳවා ගැනීමේ උත්සාහයක  නිරත වූ බව වාර්තා වූ අතර මෙම රඳවාගැනීම පිළිබඳව ජාත්‍යන්තර මානව හිමිකම් ක්ෂේත්‍රෙය්ද අවධානයට යොමුවීය. මාධ්‍යව්දීන් මෙන්ම මානව හිමිකම් ක්‍රියාධරයන් වෙත ශ්‍රී ලංකා රජය විසින්  දිගින් දිගටම සිදුකරමින් සිටින මර්ධනීය පිළිවෙත ගැන බොහෝ ජාත්‍යන්තර රටවල් විසින් හෙළා දැක ප්‍රකාශ පවා නිකුත් කරන ලදී.
රුකී  ප්‍රනාන්දු යනු අවුරුදු ගණනාවක සිට මේ රටේ විවිධ ජාතීන්ගේ මානව හිමිකම් කඩවීම් සම්බන්ධව කැපවි ක්‍රියා කළ ක්‍රියාකාරිකයෙකු වන අතර ප්‍රවීන් පියතුමා යුද්ධයෙන් අවතැන්වූවන් ගේ පවුල් වලට සහනය හා සාධාරණත්වය ඉටකිරීම සඳහා  ක්‍රියාකාරී වනන පියතුමෙකි.
ruki-fernando-and-Rev.-Fr.-Praveen