මීගමුවේ වැල්ල යනු එදා දහස් ගණන් ජනයා නිදහසේ පැමිණ සිය විවේකය ගත කළ ස්ථානයයි.
එදා ඒ වැල්ලට පල්ලිය අයිතිවාසිකම් කිවේ නැත.
ඒ නිසාම මීගමුවේ පමණක් නොව වෙනත් පලාත්වලින්ද මීගමුවට එන ජනයා සිය විවේකය නිදහසේ ගතකරන ප්‍රධානතම තැන බවට පත්කරගෙන තිබුනේ මේ මිගමු වැල්ලයි.
කෙසේ වෙතත් මේවැල්ලට දැන් අයිතිවාසිකම් කියන්නේ වැල්ලවිදිය පල්ලියයි.
එයට කිසිදු නිත්‍යාණුකූල පසුබිමක් නැත.
ඒ සම්බන්ධයෙන් ථෙතිහාසික නඩු තින්දුවක් පවා ඇත.
වෙරළ යනු රාජ්‍ය දේපලකි.
එහෙත් මේ මීගමු වැල්ල නිමල් ලංසා විසින් සිය අනාගත දේශපාලනය වෙනුවෙන් වැල්ලවිදියේ එකාබද්ධ ධිවර සංවිධානය වෙත පළමුව පැවරු අතර පසුව එය වැල්ලිවිදියේ පාලනයට කිසිදු නිතිමය පදනමකින් තොරව පවරා දෙනු ලැබ ඇත..
එහෙත් ඇමති ලංසා වරත් ලංකාදිප පුවත් පතකට ලබාදුන් සාකච්ජාවේදි පවසා ඇත්තේ වැල්ල පල්ලියට අයිති බවය.
එසේ නම් අපට අසන්නට ඇත්තේ සරල පැනයකි.
ආණ්ඩුව හෝ පළාත් පාලන ආයතනයක් කාගේ හෝ පුද්ගලික ඉඩමක පොදු ව්‍යපෘති ක්‍රියාත්මක කරයිද යන්නයි.
ඒ බව ලංසා හොදින්ම දනි.
එය රාජ්‍ය මුදල් රෙගුලාසිවලට මුළුමනින්ම පටහැනිය.
TRIP නැමැති ව්‍යාපෘතිය යටතේ ලක්ෂ 400 ක් වියදමින් ඉදිකෙරුන මීගමුව මාළු වෙළද පොල අයිති පල්ලියටද?
එසේ නම් එහි ප්‍රගතිය ගැන අදාල රාජකාරිමය විමසිම් එදා මීගමුව මහනගර සභාවෙන් කරණු ලැබුවේ ඇයි ?
ඒ ව්‍යාපෘතිය ගැන මීගමුව නගර සභාව ලබාදුන් පිළිතුර කුමක්ද ?