කොටුව පිට්ටනියේ මාළු වෙළඳපොල නගරසභාවේ පාලනයට ..?

0
48

NGB mayorවෙළඳ පොලවල් පවත්වාගෙන යෑමේ නිත්‍යාණුකුල අයිතිය ඇත්තේ මහනගර සභාව වෙත පමණි.
එමෙන්ම රටේ ඕනැම භුමි ප්‍රදේශයක පිහිටා ඇති මුහුද වෙරළ අයත්වන්නේ රාජ්‍යය වෙතය.
හිටපු සංවාරක ඇමතිවරයෙකු වු නැසිගිය අනුර බණ්ඩාරනායක මහතාගේ සංකල්පයක් මත ලද විදේශආධාරකින් මීගමු මාළු වෙළද පොල නවිකරණය කරන ලදි.ඒ සියළු කටයුතු සම්බන්ධිකරණය සහ අදාල ගිවිසුම් සියල්ල අත්සන් කරන ලද්දේ නගර සභාව විසිනි.ඒ වෙනුවෙන් වු සියළු පසුවිපරම් සියල්ලට අදාල ලිපි ලේඛන සහ සියල්ල යොමුකර තිබුනේද මීගමුව මහනගර සභාව වෙතය.
ඒ අනුව පැහැදිලි වන්නේ මීගමුව කොටුව පිට්ටනිය මාළු වෙළඳ පොල පාලනය කිරිමේ වගකිම ඉතා පැහැදිලි ලෙස නිත්‍යාණුකූලවම මීගමුව මහ නගර සභාව සතු බවය.
එහෙත් නිමල් ලංසා විසින් සිය පටු දේශපාලන වාසි තකා එහි පාලන වගකිම මුලින්ම ධීවර සමිතියකටද පසුව වැල්ලවිදිය පල්ලියටද පවරා එහි ප්‍රතිලාභ ලැබිමේ වරප්‍රසාදය සිය පියා වෙත හිමිකර තිබුණි.
මේ නිසාම පල්ලියේ නාමයෙන් අනෙක්විධ හොරකම් සහ කප්පම් ගැනිම් දිගින් දිගටම සිදුවුවද ඒවා පාලනය කිරිමට පල්ලියේ පියතුමා වෙත හයියක් තිබුනේ නැත.
ඒ අනුව මාළු කිලෝ ග්‍රැම් 1 ක් ගන්නා අය වෙත පැහැදිලිව ලැබෙන්නේ ග්‍රැම් 800 කි.මේ වරප්‍රසාදය වෙළදුන් වෙත ලබාදි තිබුනේද මාළු වෙළද පලේ කොන්ත්‍රාත්තුව ක්‍රියාත්මක කරනු ලබන අමැති පියා විසිනි.
කෙසේ වෙතත් මේ දිනවල මාළු වෙළද පලේ තැන තැන කථාබහට ලක්වෙමින් ඇත්තේ තවත් නොබෝ දිනකින් මාළු වෙළඳ පලේ පාලනය යළිත් ධීවර සමිතියක් වෙත ලබාදෙනු ලබනබවය.
මීගමුව නගරයේ ප්‍රධාන පුරවැසියා ලෙසින් නගරාධිපතිවරයා වෙත දැන් පැවරි ඇත්තේ මාළු වෙළඳ පොලේ නිත්‍යාණුකුල භාරකාරිත්වය යළි මහනගර සභාව වෙතට ලබාගැනිමය.
ඔහු එසේ නොකරන්නේ නම් මීගමුවේ බදුගෙවන ජනයාට විරුද්ධව තවදුරටත් ඇමති ලංසාගේ දේශපාලන න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරන්නට සියළු පහසුකම් සලසන ප්‍රධානියා ලෙසින සමස්ථ මිගමුව ජනයාගේ අපවාදයටත් රජයේ නියමයන්ට එරෙහි වුවෙකු ලෙසත් හංවඩු ගසාගැනිමට නියමිතය.