කොටුව පිට්ටනිය ලඟ මාළු කඩේ තවත් වහලක් කඩන් වැටේ !

0
300

මිගමුව කොටුව පිට්ටනිය ලඟ මාළු කඩේ තිබුන අන්තිම වහල කෑල්ලද පසුගිය 11වෙනිදා සවස් වරුවේ කඩන් වැටි තිබේ.

දවල් වරුවේ මේ වහල කඩා වැටුනේ නම් විශාල පිරිසක් තුවාල ලබා රෝහල්ගතකරන්නට සිදුවන බව එහි වෙළදාමේ යෙදෙන අය කියා සිටිති.

රජයේ වියදමින් ඉඳිකර ඇති මෙම මාලු කඩය මුහුදු ආසන්නයට කිසිසේත්ම නුසුදුසු ලෙසින් ඉදිකර තිබේ.යකඩ වලින් සහ තහඩු වලින් ඉදිකර තිබෙන මෙම ගොඩනැඟිලි ලුණ නිසා මළකඩ බැදි කඩන් වැටෙන්නට පටන් ගෙන තිබුනද කිසිවෙකුත් මේ අනතුරුදායක තත්වය ගැන අවධානය යොමු කර තිබුන බවක් නොපෙනේ.

ලංසා පවුල් පාලනය විසින් මෙම මාළු වෙළද සැලේ පාලන අයිතිය වැල්ලවිදියේ පල්ලියට පවරා තිබුණි.

මිනිස් ජිවිත වලට ඇතිවිය හැකි අවධානම ගැන මේ කිසිවෙකුත් දැන් වගකියන බවක් නොපෙනේ.

වහලක් නැතිව රෙදි කඩමාලු ඉටි කොල එල්ලා ගෙන මේ කාෂ්ටක අව්වේ මාළු වෙළදාමේ යෙදෙන අය ගැන පල්ලියට පවා වගේ වගේ නැතිවිම අප තේරුම් ගන්නේ කෙසේද?