කොන්ක්‍රිට් වාසනා චක්‍රයෙන් මිගමුවට සුපිරි කාර් වැස්සක් !

0
313

dayan new car 3(4.00 pm ) ශ්‍රිලංකා දේශපාලනය තුල කොන්ක්‍රිට්කරණය තරම් වාසනා චක්‍රයක් තවත් නැතිතරම්ය.
මේ නිසා ගොඩගිය දේශපාලකයන් මෙන්ම ඔවුන් හෙන්චයින් එමටය.
මීගමුව මහනගර සභාව තුල ලංසා හවුල් පවුල් පාලනය වසරක් ගෙවි යන්නට පෙර රු කෝටි 25 ආසන්න මුදලක් පාරවල් කොන්ක්‍රිට් කිරිම සදහා වැය කර තිබුණ බව සැලය.
මේ බොහොමයක් පාරවල් වල ඇස්තමේන්තු සැකසෙන්නේ එහි ඇත්ත වියදමට වඩා බොහෝ ඉහල අගයකිනි.ලක්ෂ 5 ක වැඩක් ලක්ෂ 10 ක් දක්වා මේ අනුව ඉහල යන්නේ හරිම සරල අාකාරයකිනි.
මේ ඇස්තමේන්තු හැදිමේදි එයට අරක් ගත් මහනගර සභාවේ පින්වත්තවෙකු වෙයි. තාක්ෂණික නිළධාරින් අතර රන්මුතු යැයි කියන්නේ නමේ අරුතට සමාන වත්කම් ලබන්නට තරම් පව් වලින් හෝ පින්ලබන්නාවු තැනැත්තෙකි.
මේ  අනුව කෝටි 25 ක පාරවල් වලින් අදාල පින්වතුන්ට හට කැපෙන ගාන කොපමණ වේදැයි දැනගැනිම සරල ගණන් සාස්තරයකි.
මීගමුවේ මේ බොහොමයක් පාරවල් කොන්ක්‍රිට් කරන ලද කොන්ක්‍රිට් සදහා අරගත් දෙදෙනෙකු  වෙයි. එකෙක් ගම්පොල පැත්තේ අනිකා රයිගම පැත්තේ යැයි කිව්වා සේ  මේ දෙදෙනාගේ ම ස්වාමි වරුන් වන්නේ අයියා මලෝ දෙදෙනෙකි.
බොරළු සමන්ත සහ කොන්ක්‍රිට් චමින්ද යැයි ඇසු පමණින් බොරළු සහ කොන්ක්‍රිට් මේ අයගේ ජිවිත සරුකරන්නට කොයිතරම් නම් දායකවි ඇතිදැයි තේරුම් ගැනිම පහසු වන ඇත.
මිගමුවේ පාරවල් කොන්ක්‍රිට් කිරිමේ පින් මහිමයෙන් දැන් මේ අයද කෝටිපතියෝය.සුපිරි වාහනපතියෝය.
මේ අතර මිගමුවේ දේශපාලන කවයන් අතර මේ දිනවල ඇති තවත් කථාබහකි.
එ්  නගරාධිපති දයාන් ලංසාගේ සුපිරි රේසින් මෝටර් රථය ගැනය.
පසුගිය දා මේ රථය සහ ඔහුගේ සමිප මිතුරන් පිරිසක් මඩුවන්දනාවේද යෙදි ඇත.
මේ ගමනේ ඡායාරූප දැන් සමාජ මාධ්‍යවල පවා සැරිසරන්නට පටන්ගෙනය.
මේ ගමනේදි අදාල සුපිරි රථය VIP ලාංඡනයද සහිත මේ ගමනේ යෙදි ඇති බවටද තොරතුරු හෙළිවෙමින් තිබේ.