කොමසාරිස්ගේ නියෝගය නිසා ගස් කපන්න ගිය ගිනිභටයා ලෙඩ ඇදේ ! කොමසාරිස් කර හරී ?

0
142

IMG-20180117-WA0000මීගමුව නාගරික කොමසාරිස් සුගත් කුමාරගේ නියෝගයක් මත මීගමුව මහනගර භුමියේ තේක්ක ගසක් කපන්නට ගිය ගිනිභටයෙකු මතට තේක්ක කදක් ඇදවැටිම නිසා මේ වන විට ඔහු කෙලින් හිට ගැනිමටවත් නොහැකි ලෙසින් ලෙඩ ඇදට වැටි ඇත.
එහෙත් මේ ගිනිභටයාගේ සුවදුක් විමසිමටත් මේ වනතුරුත් නාගරික කොමසාරිස්වරයා ගොස් නැතැයි ගිනි නිවන ඒකකයේ සියලුම සේවකයන් බලවත් අප්‍රසාදය පළකර සිටි.
පසුගිය දිනක ගිනි නිවන ඒකකය පිටුපස උත්සව ශාලාවට පැමිණ නගර සභා සේවකයන් හා එක්ක බාල් නැටු කොමසාරිස්ට ඒවාට වෙලාව ඇති බව අප හා කියා සිටියේ බලවත් කළකිරිමෙනි.
මේම සිදුවිමේද ගිනිභටයන් දෙදෙනෙකු තුවාල ලැබු අතර ගිනි නිවන ඒකකයේ රථයකටද අලාභ හානි සිදුව තිබුණි.