කොමසාරිස්වරියගේ නිළ රථයෙන් කොළඹ ගිය අයියා කව්ද ?

0
41

white cab( 7.30 am )මීගමුව මහනගර සභාවේ නාගරික කොමසාරිස්තුමිය විසින් භාවිතා කරනු ලබන කැබ් රථය පසුගිය දිනක කොළඹ ගොස් තිබුණි. ඒ කොමසාරිස්වරිය මහනගර සභාවේ සිටියදිමය.
එසේ නම් මෙම කැබ් රථයෙන් ගිය අයියා කව්ද යන්න කසුකුසුවක් දැන් දින කිහිපයක සිට තැන තැන පැතිර යමින් තිබේ.
මීගමුව මහජන බදුමුදල් හිතුමතේ භාවිතා කරන දේශපාලන අධිකාරියක් ඇති පසුබිමක පරිපාලන අධිකාරියද එවන් අයථා කටයුතු වලට පෙළැඹෙන බවට දැන් කලක පටන්  විවිධ කරුණු කාරණ කාථාබහ වෙමින් තිබේ.
මේ නිසාම මහනගර සභාව තුල දැනුවත් පුරවැසියන් පිරිසක් ඇස් කන් අයා සිටින්නේ දේශපාලන අධිකාරියේ මජර වැඩවලට සහය දෙමින් ඇතැම් නිළධාරින්  වංගු ගසමින් මහජන බදුමුදලින් අයථා කටයුතු සිදුකරමින් සිටින අයුරු ගැනය.