මේ අකාරයට සුනඛයින් සම්බන්ධයෙන් හිංසාකාරි මෙන්ම ඔවුන්ට අයහපතක් වන ආකාරයේ පියවරක් ගැනීම සම්බන්ධයෙන් සංවිධානය විසින් අද (19 ) වනදා මීගමුව නාගරික කොමසාරිස්වරියගෙන් විමසා ඇති අතර කොමසාරිස්වරිය පවසා ඇත්තේ ඔවුන් නගර සභාවේ ගොඩනැගිලි ආශ්රිතව මෙම සුනඛයින් සිටීම මහජනතාවට හිරිහැරයක් බවට පැමිණිලි තිබුණ බවයි. එසේ නම් ඒ වෙනුවෙන් ඊට වඩා වෙනස් පියවරක් ගැනිමට අවබෝධයක් ඔබතුමියට අවබෝධයක් නොමැති ද යන්න ශීවන්ති සන්සෝනි මහත්මිය ප්රශ්න කර ඇති අතර මේ වනවිට ලංකාව තුළ සත්ව සුබසාධනය වෙනුවෙන් ක්රියාකරන සංවිධාන රැසක් තිබියදී රාජ්ය ආයතනයක් ලෙස මෙවැනි බරපතල වැරැද්දක් සිදුකිරීම සම්බන්ධයෙන් ඇයගේ විරෝධය පළකර ඇත.
මේ වනවිට මෙම සුනඛයින්ගෙන් දෙදෙනෙකු Save the Paw සංවිධානයේ රැකවරණයට ගෙන ඇති අතර ඔවුන්ට ප්රතිකාර කිරීමට ආරම්භ කර තිබේ.