කොමසාරිස් නියෝග මත තේක්ක ගහ කපන්න ගිය ගිනිනිවන බටයාගේ ජිවිතය අනතුරේ!

0
58
Commissioner of negombo
Commissioner of negombo
Commissioner of negombo

නාගරික කොමසාරිස්වරයාගේ නියෝගයක් පරිදි ඊයේ දින පෙරවරුවේ නගරසභා භුමියේ තේක්ක ගසක් කපන්නට ගිය ගිනිනිවන භටයෙකු මතට තේක්ක කදක් වැටිම හේතුවෙන් ඔහුගේ කශේවරුකාව බිදි ගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.ඔහුගේ තත්වය බරපතල වෙමින් පැවතිම නිසා ඊයේ සවස් වරුවේ මීගමුව රෝහලෙන් කොළඹට මාරුකර යවා ඇත.
තිස් පස් හැවිරිදි මීරිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන මේ ගිනි නිවන භටයා විවාහ වි තවමත් ගෙවි ඇත්තේ වසරක් පමණක් බවද වාර්ථා වේ.
සිදුව ඇති මෙම අවසනාවන්ත තත්වයට මුළුමනින්ම වගකිව යුත්තේ මීගමුව නාගරික කොමසාරිස් සුගත් කුමාර මහතා බව බහුතරයක් වන නගර සභා සේවකයන්ගේ මතයයි.
සාමාන්‍යයෙන් මහනගර සභාවක ගස්කැපිම යනු වෙනමම සේවා කටයුත්තක් වන අතර ඒ සදහා විශේෂ ඒකකයන් පවති.
මීගමුව මහනගර සභාවට එවන් ඒකකයන් නොතිබුනේ නම් කළ යුතුව තිබුනේ ඒ කටයුත්ත අදාල නිපුණතාවය සහිත කණ්ඩායමක සේවාව ලබාගැනිමය.
එහෙත් මේ කිසිවක් අනුගමනය නොකළ නාගරික කොමසාරිස්ගේ උච්දච්ච නියෝගය නිසා අද තරුණ පවුලක මුළු අනාගතයම අදුරේ හෙළා ඇත.,එපමණක් නොව ගිණි අාපදා  තත්වයන් මැඩපවත්වන්නට මීගමුව ගිනි නිවන ඒකකයට දැන් ගිනි භටයෙකුගේ සේවයද අහිමි කර ඇත.
ගණිතඥයෙකු ඇවැසි තැනට නැට්ටුවෙකු බදු වු මේ නාගරික කොමසාරිස්වරයා මීගමුවට දැනටමත් මහත් වු විනාශයක් සිදුකරමින් සිටි.