කොමසාරිස් පාලනයට බලපෑම් කරන්න දායන් ලංසා අදත් මිගමුව මහනගර සභාවට ?

0
436

පලාත් පාලන ආයතන විසුරුවා හැරිමෙන් පසු දැන් මිගමුව ඇතුලු ලංකාවේ සියළු පලාත් පාලන ආයතන පාලනය වන්නේ කොමසාරිස්වරුන් යටතේය.
ඒවාට බලපෑම් කිරිමට හිටපු නගරාධිපතිලාට හෝ සභාපතිලාට කිසිදු අයිතියක් නැත.තතු එසේව තිබියදි මිගමුවේ හිටපු නගාරධිපති දයාන් ලංසා අදත් නගර සභාවට පැමිණ එහි නිලධාරින්ට විවිධ බලපැම් කරමින් සිටින බව අපගේ ආරංචි මාර්ග දක්වා සිටි.

මේ බලපෑම් සහ තර්ජන නිසා ඇතැම් නිලධාරින් මිගමුව හැරයාමට දැන් සුදානම් වන බවද සැලය.

දායන් ලංසාගේ අයියා සිටින්නේ ජනාධිපති කාර්යාලයේ විම නිසා ඒ හයියද රැගෙන මල්ලි දැන් නිලධාරින්ට පාට් දමිමින් සිටින බව සේවකයෝ කියති.

ජනාධිපති වික්‍රමසිංහ මිගමුවේ මේ මැර පාලනය ගැන කියන්නේ කුමක්ද ?