කොමසාරිස් පිස්සු කෙලියි ! රොයිස්ලා,ලලිත්ලා බලන් ඉදියි ?

0
53

roies with galanමීගමුව ඉදිරි කාලය තුල සංවර්ධනය කිරිමේ වගකිම දරණු ලබන අධිකාරි ව්‍යුහය වනුයේ ප්‍රාදේශිය සංවර්ධන කමිටුවය.|එහි සමසභාපතිත්වය මීගමුව එජාප ආසන සංවිධායක රොයිස් විජිත මහතා සහ ශ්‍රිලනිප ආසන සංවිධායක ලලිත් ටෙන්සිල් මහතා විසින් දරණු ලබයි.
ලේකම් ධුරය දරනු ලබන්නේ ප්‍රාදේශිය ලේකම්තුමන්ය.
මේ අනුව පෙනි යන්නේ මේ නගරය හෙට ගැලපෙන අයුරින් සංවර්ධනය කිරිම සදහා අද සිටම අවැසි දේවල් පිළිබදව තින්දු ගෙන කටයුතු කිරිමේ බලය දේශපාලන අධිකාරිය තුල ගොනුව ඇති අතර ඒවා  ක්‍රියාත්මක කිරිමේ බලය පරිපාලන අධිකාරිය වෙත පැවරි ඇති බවය.
තතු එසේ වුවද මීගමුව නගරය අද මුහුණ දෙමින් ඇති අර්බුදකාරි වතාවරණයට මුහුණ දිම සදහා කිසිදු සැලසුම්ගත ප්‍රවේසයක් ඔස්සේ මේ ප්‍රාදේශිය සංවර්ධන කමිටුව ගමන් ගන්නා බවක් නම් නොපෙනේ.
අදාල කමිටු රැස්විම සදහා දේශපාලන අධිකාරිය මෙන්ම පරිපාලන අධිකාරියේද සියල්ලෝ රැස්වෙති.
මේ නිසාම මීගමුව තුල ඩෙංගු රෝගය උත්සන්න වෙමින් අළුත්කුරුවේ කුඩා දැරියකද දැන් මිය ගොසිනි.
මෙය භායනක තත්වයකි.
අර්බුදය මේ තරම් බියකරු එකක් වුවද නගරයේ කොමසාරිස් පාලනයට ඒ සදහා කිසිදු වැඩපිළිවෙලක් ඇති බවක් නොපෙනේ.දැරිය මිය ප්‍රදේශයේ ගම්වැසියන් කියා සිටින්නේ ඒ ප්‍රදේශය තත්වය ගැන විමසා බලා දුමායනය කිරිම සදහා හෝ කිසිදු පියවරක් කඩිනමින් ගැනිමට බලධාරින් අසමත්ව සිටි බවය.
මේ සියල්ල මෙසේ වෙද්දි පිස්සන්ට හැතැම්ම නැති ගාණට නාගරික කොමසාරිස්වරයා  නගර සභාවේ අත්‍යවශ්‍ය සේවා අංශවලද අයකිරිම් හිතුමතේ ඉහල දමමින් ස්වයං වින්දනයක් ලබමින් සිටි.රු 20ක් පැවැති නගරයේ වාහන නවතා තැබිමේදි අයකරුණු ලබන මුදල දැන් රු 50 ක් දක්වා වැඩිකර ඇත.
මේ එක් සරල නිදහසුනක් පමණි.
කෙසේ හෝ නගරයේ ආදයම් තමන් වැඩිකර පෙන්වනවා යැයි යන මානසිකත්වයකින් නාගරික කොමසාරිස්වරයා කටයුතු කරන සෙයකි.
කොටින්ම කියනවා නම් ප්‍රාදේශිය සංවර්ධන කමිටු රැස්විම නගර ශාලාවේ පැවැත්විමට මුදල් අවශ්‍ය බව කියා සිටිම නිසා පසුගිය රැස්විම පවත්වා තිබුනේ මීගමුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ බවද කියැවේ .

මේ චුන් එකේ එළ විපාක දැන් රෙද්ද පල්ලෙන්ම බේරෙන්නට පටන් ගෙනය.
නගර සභාවේ පමණක් ඩෙංගු රෝගීන් 11 දෙනෙකි.
නගර සභාවේ විවිධ තැන්වල සිට ඩෙංගු කිටයන් හසුවු බව පිළිගන්නා අතර එය යථා තත්වයට පත්කිරිමට කඩිනම් පියවර ගන්නා ලෙස අදාල බලධාරින්ට උපදෙස් දි ඇතැයි කියා සිටිති.
එහෙත් පාසැල් වල ඩෙංගු කිටයෝ සිටිත් නම් දඩය විදුහල්පතිවරයාට බව මේ ඉතිහාසමය සිදුවිම් විසින්ම සනාථ කොට තිබේ.
කොමාසාරිස්වරයා සල්ලි හම්බකර පෙන්විමේ මේනියාවකින් පසුවන්නේ නම් එහි ගොදුර බවට පත්වන්නට මීගමුවේ බදු ගෙවන ජනයාට ඉඩ දි බලාසිටින්නේද යන්න මීගමුවේ දේශපාලන අධිකාරිය විසින් වහා තින්දු කළ යුතුව තිබේ.

මීගමුව වැඩි ඡන්ද 31000 කින් දිනවමින් මීගමුවේ ජනයා පිස්සු කෙලපු ලංසා පාලනය ගෙදර හැරියේ යළිත් සුගත් කුමාරලාට පිස්සු කෙලින්ට දෙන්නට නොවන බව දැන්වත් දේශපාලන අධිකාරිය තේරුම්ගත යුතුය.
එබැවින් වහා මැදිහත්ව මේ නගරයේ බුද්ධි මණ්ඩල කැදවා අදහස් ලබාගෙන නගරය අද පත්ව ඇති අර්බුදයෙන් ගොඩඒමේ මගක් වෙනුවේන් වැඩපිළිවෙලක් සැලසුම් කළ යුතුව තිබේ.
එය පළාත් පාලන මැතිවරණයකින් පසුව කරන්නෙමු යැයි කියන්නට දේශපාලන අධිකාරියට කිසිදු අයිතියක් නැත.
ගණිතඥන් ඇවැසි තැන්වලට නැට්ටුවන්ගෙන් වැඩක් නැති බව තේරුම් ගැනිම සදහා රොසිස් විජිතට මෙන්ම ලලිත් ටෙන්සිල්ටද තවත කල් ඇවැසි යැයි අප නොසිතමු.
පරිපාලන අධිකාරියේ නිළධාරින් හෙට දිනයේ තවත් පළාතකට මාරුවක් ගෙන යා හැකිය.
එවන් පසුබිමකදි දේශපාලන අධිකාරිය මිට වඩාත් උනන්දුවකින් කටයුතු කළයුතුව තිබේ.