කොරියන් රැකියා පුහුණු මගඩිය නිසා ඇමති ලංසා අර්බුදයක?

0
161

boat issueකොරියාවේ රැකියා සදහා තරුණයන් 300 ක් සදහා පුහුණුවක් පැවැත්විම වෙනුවෙන් රු 25000 ක මුදලක් ඇමති නිමල් ලංසා විසින්  අයකරගෙන තිබේ.මෙයට අමතරව බස්නාහිර පළාත් සභාවෙන්ද විශාල මුදලක් මේ වෙනුවෙන් වැය කර ඇති බව වාර්ථා වේ.
මේ වැඩපිළිවෙල සදහා වයඹ පළාත් ධීවර ආමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ ද කිසියම් හවුල් කාරිත්වයක් ඇති බවය සැලය.
කෙසේ වෙතත් කොරියානු රජය විසින් දන්වා ඇත්තේ මෙසේ රැකියා සදහා තරුණයන් බදවා ගැනිම සිදුකරනු ලබන්නේ ධීවර අමාත්‍යංශයේ විසින් සිදුකරනු ලබන වැඩපිළිවෙලක් හරහා පමණක් බවය.
මේ නිසා පළාත් ධිවර ඇමතිවරයා ලෙසින් මෙසේ තරුණයන් 300 ක් පුුහුණු කර කොරියා යැවිමට කරන ලද සැලසුම දැන් අර්බුදයකට යමින් තිෙබ්.
අතේ පත්තු වි ඇති මේ මගඩිය නිසා මේ දිනවල ඇමති ලංසා කලබලයට පත්ව ඇති බවද අදාල තරුණයන් ගෙන් දිවුරුම් පෙත්සමකට අත්සන් ගෙන ඔවුන්ගෙන් ලබාගත් රු 25000 ක මුදල නැවත ලබාදෙන දෙන බවට පොරොන්දු වි  ඇතැයි ද වාර්ථා වේ.
තතු දත් ආරංචි මාර්ග පවසන්නේ ඇමති ලංසාගේ හොට පුංචි කෙසෙල් ගසක මේ දිනවල පැටලි ඇති බවය.