කොරෝනාදැයි සැකසහිත රෝගින්ට ප්‍රතිකාර කිරිම සඳහා මීගමුව රෝහලට විශේෂ වාට්ටු 2 ක් !

0
132

NGB hospitalරටතුල තුල පැතිර යමින් ඇති කොරෝනා ප්‍රශ්ණය හමුවේ කොරෝනා ආසාදිතදැයි සැක සහිත රෝගින්ට නේවාසිකව ප්‍රතිකාර කිරිම සදහා මීගමුව රෝහල තුල මේ වන විට වාට්ටු 2 කක් ස්ථාපිත කිරිමට රෝහල් කාර්ය මණ්ඩලය මහත් කැපවිමකින් යුතුව මේ වන විට කටයුතු කර තිබේ.
ඒ අනුව කලින් පැවැති 16 වාට්ටුව  මේ අනුව කාන්තාවන් හා කුඩා දරුවන් වෙනුවෙන් වෙන්කරනු ලබන අතර එහි ඇති ඇදන් ගණන 8 කි.
දැනට ප්‍රතිසංස්කරණ කටයුතු නිමවෙමින් ඇති 1 වෙනි වාට්ටුව පිරිමි රෝගින් වෙනුවෙන් වෙන්කිරිමට නියමිත අතර එහි ඇති ඇදන් ගණන 12 කි.
මීගමුව යනු ගුවන් තොටුපලට සමිපයෙන්ම පිහිටි ප්‍රධානතම රෝහල විම නිසා  කොරෝනා වෛරසය ආසාදනය වි දැයි සැක සහිත රෝගින් හට ප්‍රතිකාර කිරිමට පහසුකම් සහිත වාට්ටු 2 කක් පැවතිම සැබැවින්ම ප්‍රමුඛ අවශ්‍යතාවයක්ව පවති.