කොරෝනාදැයි සැකසහිත රෝගීන්ගෙන් මීගමුව රෝහලේ වාට්ටු පිරි යයි ?

0
80

NGB hospitalදිනෙන් දින උත්සන්න වෙමින් එන කොරෝනා අර්බුදය හමුවේ එය නිසි ප්‍රතිචාර ලබාදිමට හැකි නිසි වැඩපිළිවෙලක් නිර්මාණය කර ගැනිමට නොහැකි තත්වයක දැනමටත් මිගමුව රෝහල තුල නිර්මාණය වෙමින් ඇතැයි වාර්ථාවේ.
ඊයේ දිනයේ උණ රෝගයෙන් පෙළුන පාසැල් සිසුවියක් පෙ.ව 11 ට පමණ මිගමුව රෝහල වෙත පැමිණ තිබුණද ඇයව නේවාසික ප්‍රතිකාර සදහා වාට්ටුවක් වෙත යැවිමට සවස්වන තුරුත් නොහැකි තිබුණ බවක් වාර්ථා වේ.

රෝහල මුහුණ දෙමින් ඇත්තේ සැබැවින්ම අර්බුදයකටය. මේ වන විට කොරෝනාදැයි සැක සහිත අය සදහා රෝහල තුල වෙන් කර ඇති වාට්ටු පහසුම් ඉක්මවා යන තරමට රෝගින් ඇතුලත්ව ඇති බැව් රෝහල් ආරංචි මාර්ග දක්වා සිටි.

පසුගිය මාර්තු මාසයේදි මෙරට තුල ව්‍යාප්ත වන්නට පටන් ගත් කොරෝනා වෛරස් තත්වයට මුහුණ දිම සදහා වඩාත් විධිමත් ලෙසින් අදාල කටයුතු රෝහල් කාර්ය මණ්ඩලවල සාමුහික දායකත්වයෙන් සිදුකරගෙන යමින් තිබියදි එක්තරා විශේෂඥ වෛද්‍යවරයෙකුගේ මැදිහත්විම මත නිසි ලෙස කටයුතු කළමණාකරණය කරගෙන යමින් සිටි අධ්‍යක්ෂවරිය වෙනුවට මධ්‍යම පළාතේ පළාත් සෞඛ්‍ය සේවා තනතුරට පත්විමට නියමිතව සිටි අයෙකු මිගමුව රෝහලේ අධ්‍යක්ෂකවරයා ලෙස කැදවාගෙන ඒමට කටයුතු කර තිබුණි.

දැන් ඒ අධ්‍යක්ෂකවරයා තමන්ට හිමි ඒ උසස් තනතුර සදහා මධ්‍යම පළාතට ගොස් ඇත.මේ හේතුවෙන් පවතින තත්වය නිසි ලෙසින් කළමණාකරනය කර ගැනිමට දැන් රෝහල් අධ්‍යක්ෂකවරයෙක් නැත.

තමන්ග් දේශපාලන බලපුලුවන්කාරකම් මත කරණම් ගසන ඇතමුන් හේතුවෙන් මේ වන විට අර්බුදයකට යමින් ඇත්තේ මේ  කලාපයට සේවය කිරිමට ඇති ප්‍රධානතම රෝහලයි
එබැවින් මිගමුවේ ජනතාවට අද වෙනදාටත් වඩා බරපතල වගකිමක් පැවරි ඇත.
එනම් මේ රෝහලේ සේවය ලබන්නො වන්නේ මේ ජනතාවයි. එසේ නොමැතිව මිගමුවෙන් කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් හම්බකරගනිමින් සිටික  අයවලුන් නොවේ.
එබැවින්ම මුදල් හා දේශපාලන බලපුලුවන්කාරකම් මත එවැනි දඟර නැටුම් දමන අයගෙන් රෝහල බේරාගැනිමට දැන්වත් පෙරට පැමිණිය යුතුව තිබේ